ගණන් කථාව 17:6 - Sinhala Revised Old Version මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකෙළේය, ඔවුන්ගේ සියලු අධිපතියෝ තමුන්ගේ පිය වංශවල එක එක අධිපතියාට එක සැරයටියක් බැගින් සැරයටි දොළොසක් ඔහුට දුන්නෝය. ආරොන්ගේ සැරයටියද ඔවුන්ගේ සැරයටි අතරේ තිබුණේය. Sinhala New Revised Version මෝසෙස් මේ කරුණ ඉශ්රායෙල් ජනයාට සැළ කළ විට, ඔවුන්ගේ ගෝත්‍ර මූලිකයෝ, පිය පෙළපත් අනුව එක එක ගෝත්‍රයට එක බැගින්, සැරයටි දොළසක් ඔහුට දුන්නෝ ය. ආරොන්ගේ සැරයටිය ද ඒවා අතර විය. Sinhala New Revised Version 2018 මෝසෙස් මේ කරුණ ඉශ්රායෙල් ජනයාට සැළ කළ විට, ඔවුන්ගේ ගෝත්‍ර මූලිකයෝ, පිය පෙළපත් අනුව එක එක ගෝත්‍රයට එක බැගින්, සැරයටි දොළසක් ඔහුට දුන්නෝ ය. ආරොන්ගේ සැරයටිය ද ඒවා අතර විය. |
සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව කොඳුළෝය. මුළු සභාව ඔවුන්ට කථාකර: අහෝ අපි මිසර දේශයෙහි මළෙමු නම් යහපත; නොහොත් මේ කාන්තාරයෙහි මළෙමුනම් යහපත.
ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනඟට භය නොවෙන්න; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවන්නැයි කීවෝය.
තවද මා විසින් තෝරාගන්න මනුෂ්‍යයාගේ සැරයටිය ලියලනවා ඇත. එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් නුඹලාට විරුද්ධව කොඳුරන ඔවුන්ගේ කෙඳිරීම් මා වෙතට පැමිණීම නවතින්ට සලස්වන්නෙමියි කීසේක.