ඔව්හු ඉල්ලුවෝය, උන්වහන්සේ වටුවන් එවූසේක, ස්වර්ගීය භෝජනයෙන් ඔවුන් තෘප්තියට පැමිණවූසේක.
ගණන් කථාව 11:31 - Sinhala Revised Old Version එවිට ස්වාමීන්වහන්සේ කෙරෙන් සුළඟක් නික්ම ගොස් වටුවන් මුහුදෙන් පමුණුවා කඳවුර ළඟ මෙහායින් දවසක ගමන් පමණද එහායින් දවසක ගමන් පමණද දුරටත් පොළොව මතුපිට දෙරියනක් පමණ උසටත් කඳවුර හාත්පසින් උන් වැටෙන්ට සැලැස්විය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මුහුදින් සුළඟක් හමන්නට සැලැසූ සේක. ඒ සුළඟ වටුවන් ගසාගෙන අවුත් කඳවුර සමීපයෙහි ඔවුන් හෙළී ය. කඳවුර වටේට දවසක ගමනක් පමණ දුරට ද පොළොවෙන් මීටරයක් පමණ ඉහළට ද ඔවුන් වැටී තිබිණි. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මුහුදින් සුළඟක් හමන්නට සැලැසූ සේක. ඒ සුළඟ වටුවන් ගසාගෙන අවුත් කඳවුර සමීපයෙහි ඔවුන් හෙළී ය. කඳවුර වටේට දවසක ගමනක් පමණ දුරට ද පොළොවෙන් මීටරයක් පමණ ඉහළට ද ඔවුන් වැටී තිබිණි. |
ඔව්හු ඉල්ලුවෝය, උන්වහන්සේ වටුවන් එවූසේක, ස්වර්ගීය භෝජනයෙන් ඔවුන් තෘප්තියට පැමිණවූසේක.
උන්වහන්සේ පොළෝ කෙළවරින් වලාකුල් නංවනසේක; වර්ෂාවට විදුලි සාදනසේක; ස්වකීය ගබඩාවලින් හුළඟ නික්මවනසේක.
මෝසෙස් තමාගේ සැරයටිය මිසර දේශය කෙරෙහි දිගුකෙළේය, ස්වාමීන්වහන්සේද ඒ දවසේ දවාල හා රාත්‍රිය මුළුල්ලෙහි ඒ දේශය පිටට පෙරදිග සුළඟක් පැමිණෙවුසේක; පහන්වුණු කල පෙරදිග සුළඟින් පළඟැටියෝ ගෙනෙන ලද්දෝය.
ස්වාමීන්වහන්සේ ඉතා බලවත් හුළඟක් බස්නාහිරින් හැමවූසේක, පළඟැටියෝ ගහගන ගොස්, රතු මුහුදේ හෙළන ලද්දෝය; මිසරයේ මුළු සීමාව තුළ එක පළඟැටියෙක්වත් ඉතුරුනොවීය.
ඔබ ස්වකීය හුස්ම පිඹලූසේක, එවිට මුහුද ඔවුන් වසාගත්තේය. ඔව්හු මහත් ජලයෙහි ඊයම් මෙන් කිඳුණෝය.