ක්‍රියා 8:23 - Sinhala Revised Old Version මක්නිසාද නුඹ තික්තකමේ පිතේද අයුතුකම නමැති බැම්මේද සිටින බව මට පෙනේයයි කීවේය. Sinhala New Revised Version මන්ද, ඔබ තික්තකමේ ගැඹුරට කිමිදී පාප බැමිවලින් වෙළී සිටින බව මට පෙනේ ය”යි කී ය. සිංහල කාලීන පරිවර්තනය මන්ද ඔබ තදබල තික්තකමින් පිරී, පාපයට ගොදුරක්ව සිටිනු මට පෙනේ යැ” යි කීවේ ය. Sinhala New Revised Version 2018 මන්ද, ඔබ තික්තකමේ ගැඹුරට කිමිදී පාප බැමිවලින් වෙළී සිටින බව මට පෙනේ ය”යි කී ය. |
ස්වාමිනි, සැබවින් මම ඔබගේ මෙහෙකරුයෙමි. ඔබගේ මෙහෙකරුයෙමි, ඔබගේ දාසියගේ පුත්‍රයෙමි; ඔබ මාගේ බැඳුම් මිදූසේක.
ඒ නිසා නුඹලාගේ බැඳුම් තද නොවන පිණිස නින්දාකරන්නෝ නොවෙන්න. මක්නිසාද මුළු දේශයට විරුද්ධව විනාශයක් නියමකර තිබෙන බව මම සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේගෙන් ඇසීමි.
මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් නුඹලා විසින් කඩාදැමීමත් නොවේද?
නුඹේ මාර්ගයත් නුඹේ ක්‍රියාවලුත් නිසා මේවා නුඹට පැමිණියේය; මෙය නුඹේ දුෂ්ටකමය; මක්නිසාද ඒක තික්තය, නුඹේ සිතටම වදින්නේය.
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මොවුන්ට, එනම් මේ සෙනඟට කොසඹ ඵල කවන්නෙමි, වසදිය පොවන්නෙමි.
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි–පව්කරන සියල්ලෝම පාපයාගේ වහල්ලුය.
සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.
මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.
කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,
ඔව්හු තුමූම දූෂ්‍යකමේ දාසයන්ව සිටින අතර ඔවුන්ට නිදහස දෙන්ට පොරොන්දුවෙති; මක්නිසාද යමෙක් යමෙකුගෙන් පරාජයවුණොත් ඔහු ඒ තැනැත්තාට වහල්ව සිටියි.
මක්නිසාද දේවදූතයන් පව්කළ විට දෙවියන්වහන්සේ ඔවුන්ට දඬුවම් නොකර නෑර, විනිශ්චය පිණිස ඉතිරිකොට තැබීමට නිරයෙහි හෙළා අන්ධකාරයේ ගුහාවලට භාරදුන්සේක් නම්,