යෝසෙප් තමාගේ සහෝදරයන්ටද තම පියාගේ ගෙයි වැසියන්ටද කථාකොට: මම ඵාරාවෝ වෙතට ගොස්: කානාන් දේශයෙහි සිටියාවූ මාගේ සහෝදරයෝත් මාගේ පියාගේ ගෙයි වැසියෝත් මා වෙතට ඇවිත් සිටිති;
ක්‍රියා 7:13 - Sinhala Revised Old Version දෙවෙනි වාරයේදී යෝසෙප් තමාගේ සහෝදරයන්ට අඳුන්වාදෙනලද්දේය; යෝසෙප්ගේ ගෝත්‍රය ඵාරාවෝ දැනගත්තේය. Sinhala New Revised Version දෙ වන වාරයේ දී ජෝසෙප් තම සහෝදරයන්ට හඳුන්වා දෙනු ලැබී ය. පාරාවෝට ද ජෝසෙප්ගේ වංශය හෙළි විය. සිංහල කාලීන පරිවර්තනය ඔවුන් දෙවන වර එහි ගිය අවස්ථාවේ, යෝසෙප් තමා කවුරුන්දැයි තම සහෝදරයනට හෙළි කළේ ය. මෙසේ යෝසෙප්ගේ පවුලේ වගතුග පාරාවෝට දැනගන්නට ලැබිණි. Sinhala New Revised Version 2018 දෙ වන වාරයේ දී ජෝසෙප් තම සහෝදරයන්ට හඳුන්වා දෙනු ලැබී ය. පාරාවෝට ද ජෝසෙප්ගේ වංශය හෙළි විය. |
යෝසෙප් තමාගේ සහෝදරයන්ටද තම පියාගේ ගෙයි වැසියන්ටද කථාකොට: මම ඵාරාවෝ වෙතට ගොස්: කානාන් දේශයෙහි සිටියාවූ මාගේ සහෝදරයෝත් මාගේ පියාගේ ගෙයි වැසියෝත් මා වෙතට ඇවිත් සිටිති;