ඔව්හු ඒක ඔසවාගත් විට ආධාර කඹ නැව යටින් දමා බැන්දෝය; සොරවැල්ලේ වැටේය යන භයින් ඔව්හු කුඹ දැව බා, එසේ ගෙනයනු ලැබුවෝය.
ක්‍රියා 27:26 - Sinhala Revised Old Version එසේ වුවත් අප එක් දිවයිනකට වැටෙන්ට ඕනෑයයි කීවේය. Sinhala New Revised Version එසේ වුවත් අප යම් දිවයිනකට ගසා ගෙන යා යුතු ය”යි කී ය. සිංහල කාලීන පරිවර්තනය කෙසේ වෙතත්, අප කිසියම් දිවයින් වෙරළකට ගසාගෙන යා යුතුව ඇතැ” යි පැවසී ය. Sinhala New Revised Version 2018 එසේ වුවත් අප යම් දිවයිනකට ගසා ගෙන යා යුතු ය”යි කී ය. |
ඔව්හු ඒක ඔසවාගත් විට ආධාර කඹ නැව යටින් දමා බැන්දෝය; සොරවැල්ලේ වැටේය යන භයින් ඔව්හු කුඹ දැව බා, එසේ ගෙනයනු ලැබුවෝය.
දසසතරවෙනි රාත්‍රිය පැමිණ අප අද්‍රිය මුහුදේ ඔබ මොබ ගෙනයනු ලබන කල, මධ්‍යම රාත්‍රිය පමණේදී නැව්කාරයෝ, අප ගොඩකට ළංවෙනවායයි සිතා,
එකල අප ගල් ඉඩම්වල වැටේය යන භයින් ඔව්හු අවරෙන් නැංගුරම් හතරක් දමා, පහන්වෙනවා ආශාවෙන් බලා සිටියෝය.