ක්රියා 23:5 - Sinhala Revised Old Version පාවුල්ද: සහෝදරයෙනි, ඔහු උත්තම පූජකයා බව මම නොදැන සිටියෙමි. මක්නිසාද–නුඹේ සෙනඟගේ අධිපතියෙකු ගැන අගුණ නොකියන්නැයි ලියා තිබේයයි කීවේය. Sinhala New Revised Version පාවුලු ද “සහෝදරවරුනි, ඔහු උත්තම පූජකයාණන් බව මම නොදැන සිටියෙමි. මන්ද, ‘ඔබේ සෙනඟගේ ප්රධානියා ගැන අපවාද නොකියන්නැ’යි ලියා තිබේ ය”යි කී ය. සිංහල කාලීන පරිවර්තනය පාවුල් පිළිතුරු දෙමින්, “සහෝදරයිනි, ඔහු උත්තම පූජකයා බව මා දැන සිටියේ නැහැ. මන්ද ‘ඔබේ ජනයාගේ පාලකයා ගැන අගුණ නො කියන්නැ’ කියා ලියා ඇතැ” යි පැවසී ය. Sinhala New Revised Version 2018 පාවුලු ද “සහෝදරවරුනි, ඔහු උත්තම පූජකයාණන් බව මම නොදැන සිටියෙමි. මන්ද, ‘ඔබේ සෙනඟගේ ප්රධානියා ගැන අපවාද නොකියන්නැ’යි ලියා තිබේ ය”යි කී ය. |
නුඹේ සිතෙන්වත් රජුට දෙස් නොකියන්න; නුඹේ සැතපෙන ගෙයිදීවත් වස්තුකාරයන්ට දෙස් නොකියන්න. මක්නිසාද ආකාශයේ පක්ෂියෙක් ඒ හඬ ගෙනයනවා ඇත, පියාපත් ඇති සතෙක්ද කාරණය දන්වනවා ඇත.
දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් ස්වාමීන්වහන්සේ දන්නාසේක. භය නැත්තාවූ හිතුවක්කාරවූ මොව්හු උත්තමයන්ට නින්දාකරන්ට තැති නොගනිති.