නුමුත් මහත් භේදයක් හටගත් කල ඔවුන් විසින් පාවුල් කැබෙලිකොට ඉරාදමනවා ඇත කියා අධිපතියා භයව, හේවායන්ට කථාකොට, ඔවුන්ගෙන් ඔහුව පැහැරගෙන කොටුවට ගෙනයන්ට අණකෙළේය.
ක්‍රියා 23:27 - Sinhala Revised Old Version යුදෙව්වරුන් විසින් මේ මනුෂ්‍යයා අල්ලා මරන්ට සාදන කල, ඔහු රෝමයෙකු බව මම දැනගන, හේවායන් සමඟ ගොස් ඔහු ගළවාගතිමි. Sinhala New Revised Version ජුදෙව්වරුන් මේ මනුෂ්‍යයා අල්ලා මරන්නට තැත් කළ විට, ඔහු රෝම පුරවැසියෙකු බව දැන ගෙන, මම හේවායන් සමඟ ගොස් ඔහු මුදා ගතිමි. සිංහල කාලීන පරිවර්තනය යුදෙව්වෝ මේ මිනිසා අල්ලා, මරා දමන්නට සැරසුණහ. එවෙලේම මගේ හේවායින් සමඟ ගොස් ඔහු මුදා ගතිමි. මන්ද ඔහු රෝම පුරවැසියකු වග මම දැන සිටියෙමි. Sinhala New Revised Version 2018 ජුදෙව්වරුන් මේ මනුෂ්‍යයා අල්ලා මරන්නට තැත් කළ විට, ඔහු රෝම පුරවැසියෙකු බව දැන ගෙන, මම හේවායන් සමඟ ගොස් ඔහු මුදා ගතිමි. |
නුමුත් මහත් භේදයක් හටගත් කල ඔවුන් විසින් පාවුල් කැබෙලිකොට ඉරාදමනවා ඇත කියා අධිපතියා භයව, හේවායන්ට කථාකොට, ඔවුන්ගෙන් ඔහුව පැහැරගෙන කොටුවට ගෙනයන්ට අණකෙළේය.