යොහන් උන්වහන්සේ ගැන සාක්ෂිදෙමින්: මට පසුව එන්නාවූ තැනන්වහන්සේ මට පළමුවෙන් සිටි බැවින් මට වඩා උතුම්වී සිටිනසේකැයි මා කීවේ යම් කෙනෙකු ගැනද ඒ මුන්වහන්සේමයයි මොරගසා කීයේය.
ක්‍රියා 19:4 - Sinhala Revised Old Version පාවුල් කථාකොට: යොහන් පසුතැවිල්ලේ බව්තීස්මයෙන් බව්තීස්මකොට සෙනඟට කථාකරමින්, තමාට පසුව එන තැනන්වහන්සේ කෙරෙහි, එනම් යේසුස්වහන්සේ කෙරෙහි, අදහාගන්න ලෙස සෙනඟට කීවේයයි කීය. Sinhala New Revised Version පාවුලු කතා කොට, “ජොහන් පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනයෙන් බව්තීස්ම-ස්නාපනය කොට සෙනඟට කතා කරමින්, තමන්ට පසු ව එන තැනැන් වහන්සේ කෙරෙහි, එනම් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගන්නා ලෙස සෙනඟට කී ය”යි පැවසී ය. සිංහල කාලීන පරිවර්තනය එවිට පාවුල්, “යොහන්ගේ බව්තීස්මය පසුතැවිල්ලේ බව්තීස්මයකි. ඔහු ජනතාවට කීවේ තමාට පසුව එන තැනැත්තාණන් අදහා ගන්නා ලෙසයි. ඒ යේසුස්වහන්සේ යැ” යි පැවසී ය. Sinhala New Revised Version 2018 පාවුලු කතා කොට, “ජොහන් පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනයෙන් බව්තීස්ම-ස්නාපනය කොට සෙනඟට කතා කරමින්, තමන්ට පසු ව එන තැනැන් වහන්සේ කෙරෙහි, එනම් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගන්නා ලෙස සෙනඟට කී ය”යි පැවසී ය. |
යොහන් උන්වහන්සේ ගැන සාක්ෂිදෙමින්: මට පසුව එන්නාවූ තැනන්වහන්සේ මට පළමුවෙන් සිටි බැවින් මට වඩා උතුම්වී සිටිනසේකැයි මා කීවේ යම් කෙනෙකු ගැනද ඒ මුන්වහන්සේමයයි මොරගසා කීයේය.
යොහන් ඔවුන්ට උත්තරදෙමින්: මම වතුරෙන් බව්තීස්මකරමි. නුඹලා නාඳුනන කෙනෙක් නුඹලා මැද සිටිනසේක,
එනම් මට පසුව එන තැනන්වහන්සේය, උන්වහන්සේගේ වහන්සඟලේ පටිය මුදන්ටවත් මම නොවටිමියි කීවේය.
ඔහු කරණකොටගෙන සියල්ලන් විසින් අදහන පිණිස ආලෝකය ගැන සාක්ෂිදෙන්ට ඔහු සාක්ෂි පිණිස ආවේය.
මක්නිසාද යොහන් වතුරෙන් බව්තීස්මකෙළේය; නුමුත් නුඹලා මෙයින් නොබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බව්තීස්මකරනු ලබන්නහුයයි කීසේක.
එකල: යොහන් වතුරෙන් බව්තීස්මකෙළේය, නුඹලා ශුද්ධාත්මයෙන් බව්තීස්ම ලබන්නහුයයි ස්වාමීන්වහන්සේ කී වචනය මට මතක්විය.