ක්‍රියා 16:10 - Sinhala Revised Old Version ඔහු දර්ශනය දුටු කල, ඔවුන්ට ශුභාරංචිය දේශනාකරන්ට දෙවියන්වහන්සේ අඬගැසූ බව තේරුම්ගෙන, එකෙණෙහිම මකිදෝනියට යන්ට අපි උත්සාහකෙළෙමුව. Sinhala New Revised Version ඔවුන්ට සුබ අස්න දේශනා කරන්නට දෙවියන් වහන්සේ අප කැඳෙව් බව ඔහුගේ දර්ශනයෙන් තේරුම් ගත් අපි එකෙණෙහි ම මසිදෝනියට යන්නට සැරසුණෙමු. සිංහල කාලීන පරිවර්තනය පාවුල් දුටු දර්ශනය මඟින් මකිදෝනිය වැසියනට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දෙවියන්වහන්සේ අප කැඳවතැයි නිගමනය කළ අපි වහා මකිදෝනිය බලා පිටත් වන්නට සූදානම් වීමු. Sinhala New Revised Version 2018 ඔවුන්ට සුබ අස්න දේශනා කරන්නට දෙවියන් වහන්සේ අප කැඳෙව් බව ඔහුගේ දර්ශනයෙන් තේරුම් ගත් අපි එකෙණෙහි ම මසිදෝනියට යන්නට සැරසුණෙමු. |
එබැවින් මා කැඳවා යැවූ කල මම අකැමැති නොවී ආවෙමි. මොන අදහසක් පිණිස නුඹලා මා කැඳෙවුවාද කියා අසමියි කීවේය.
පාවුල්ට රාත්‍රියෙහි දර්ශනයක් පෙනුණේය; එනම්: මකිදෝනියට ඇවිත් අපට උපකාරකරන්නැයි කියමින් මකිදෝනියේ මනුෂ්‍යයෙක් නැගිට සිට ඔහුගෙන් අයැද සිටියේය.
රජ්ජුරුවනි, මාර්ගයෙහිදී ඉරමුදුන් වේලෙහි, මාද මා සමඟ යන්නාවුන්ද වටකර සූර්ය තේජසට වැඩිවූ එළියක් බබළනවා දුටිමි.
ඉතාලියට නැව් නැගී යන්ට අපට නියමකරනු ලැබූ කල්හි පාවුල්ද වෙනත් සමහර හිරකාරයෝද අගොස්තීනු කණ්ඩායමට අයිතිවූ ජුලියස් නම් සියයකට මුලාදෑනියෙකුට භාරදෙනලද්දෝය.
දමස්කයෙහි අනනියස් නම් එක්තරා ගෝලයෙක් සිටියේය; ස්වාමීන්වහන්සේ දර්ශනයකින්: අනනියස්නි කියා ඔහුට කීසේක. ස්වාමිනි, මම මෙහියයි ඔහු කීවේය.