එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය. මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳඑන්නේය.
ක්‍රියා 14:10 - Sinhala Revised Old Version නැගිට නුඹේ පාදවලින් කෙලින් සිටින්නැයි මහත් හඬින් කීවේය. එවිට ඔහු පැන නැගී ඇවිද්දේය. Sinhala New Revised Version “නැඟිට පය බිම ගසා කෙළින් සිටින්නැ”යි මහත් හඬින් කී ය. එවිට ඔහු පැන නැඟිට ඇවිද්දේ ය. සිංහල කාලීන පරිවර්තනය “දෙපයින් නැගී සිටිනු” යි උස් හඬින් පැවසී ය. එවිට ඒ මිනිසා උඩ පැන, ඇවිදින්නට වන්නේ ය. Sinhala New Revised Version 2018 “නැඟිට පය බිම ගසා කෙළින් සිටින්නැ”යි මහත් හඬින් කී ය. එවිට ඔහු පැන නැඟිට ඇවිද්දේ ය. |
එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය. මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳඑන්නේය.
උන්වහන්සේ ළඟට ගොස් දෙනයට අතගැසූසේක. එවිට උසුලාගෙනයන්නෝ නැවතුණෝය. උන්වහන්සේ: යෞවනය, නැගිටින්නැයි නුඹට කියමියි කීසේක.
සැබැවක් සැබැවක් නුඹලාට කියමි–මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය.
නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක.