නැවතත් නුඹලාට කියමි: පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමුන් ඉල්ලන යමක් ගැන එක්සිත්වන්නෝ නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය.
ක්‍රියා 12:5 - Sinhala Revised Old Version එබැවින් පේතෘස් හිරගෙයි රැකවල්කරනලද්දේය. නුමුත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤාකළාය. Sinhala New Revised Version එබැවින් පේදුරු හිර අඩස්සියේ සිටිය දී සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක් ම යාච්ඤා කළා ය. සිංහල කාලීන පරිවර්තනය පේතෘස් මෙසේ සිර අඩස්සියේ පසු විය; එහෙත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤා කළහ. Sinhala New Revised Version 2018 එබැවින් පේදුරු හිර අඩස්සියේ සිටිය දී සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක් ම යාච්ඤා කළා ය. |
නැවතත් නුඹලාට කියමි: පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමුන් ඉල්ලන යමක් ගැන එක්සිත්වන්නෝ නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය.
තවද ඔවුන් විසින් නොමැළිව නිතර යාච්ඤාකරන්ට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්:
ඔහු ඒ ගැන කල්පනාකොට මාර්ක් නම්ලත් යොහන්ගේ මවුවූ මරියාගේ ගෙදරට පැමිණියේය; එහි බොහෝ දෙනෙක් රැස්ව යාච්ඤාකරමින් සිටියෝය.
ඔහු අල්ලා හිරගෙයි තබා, පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට පිටත ගෙනෙන්ට සිතා, හේවායින් සතර දෙනෙකු බැගින් ඇති කාණ්ඩ සතරකට ඔහු රැකවල්කරන්ට භාරදුන්නේය.
හෙරොද් ඔහු පිටතට ගෙනෙන්ට සිටිය දාට ප්‍රථම රාත්‍රියේ පේතෘස් දම්වැල් දෙකකින් බඳිනු ලැබ හේවායන් දෙදෙනෙකු මැද නිදාඋන්නේය. රැකවල්ලු දොර ඉදිරියෙහි හිරගෙය රැක සිටියෝය.
මෙසේ එක අවයවයක් වේදනා විඳී නම්, ඒ සමඟ සියලු අවයවයෝම වේදනා විඳිති; නොහොත් එක අවයවයක් නම්බු ලබයි නම්, ඒ සමඟ සියලු අවයවයෝ ප්‍රීතිවෙති.
නුඹලාත් එක්ව නුඹලාගේ කන්නලව් කරණකොටගෙන අප වෙනුවට උපකාර කරන්නහුය. එසේ කරන්නේ බොහෝදෙනෙකු කරණකොටගෙන අපට ලැබුණු දීමනාව නිසා අප වෙනුවට බොහෝ දෙනෙක් ස්තුතිකරන පිණිසය.
නුඹලාත් බැඳී සිටින්නාක්මෙන් බැඳුම්වල සිටින්නන්ද, නුඹලාත් ශරීරයෙහි සිටින බැවින් දුක්විඳින්නන්ද සිහිකරන්න.
එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.