ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 11:9 - Sinhala Revised Old Version

නුමුත් ශබ්දයක් දෙවෙනි වාරයෙහි අහසෙන් මට උත්තරදෙමින්: දෙවියන්වහන්සේ පවිත්‍රකළ දේ නුඹ අකැපයයි නොකියන්නැයි කීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් දෙ වන වරටත් අහසෙන් හඬක් මට කතා කරමින්, ‘දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, පිළිකුල් යයි නොකියන්නැ’යි කී ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“අහසින් මා ඇමතූ කටහඬ දෙවන වරට මා අමතමින්, ‘දෙවියන්වහන්සේ පවිත්‍ර කළ කිසිවක් අකැපය කියා නො කියන්නැ’ යි මට කීවා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත් දෙ වන වරටත් අහසෙන් හඬක් මට කතා කරමින්, ‘දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, පිළිකුල් යයි නොකියන්නැ’යි කී ය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 11:9
9 හුවමාරු යොමු  

මක්නිසාද එය ඔහුගේ සිතට නොව බඩට ඇතුල්ව වැසිකිළියට යන්නේයයි කීසේක. මෙසේ සියලු ආකාර කෑම පවිත්‍රයයි උන්වහන්සේ ප්‍රකාශකළසේක.


නැවත: දෙවියන්වහන්සේ පවිත්‍රකළ දේ අකැපයයි නුඹ නොකියන්නැයි දෙවෙනි වර හඬක් ඔහු වෙත පැමිණියේය.


ඔවුන්ට කියනුනේය: යුදෙව් මනුෂ්‍යයෙකුට අන්‍යජාතී කෙනෙකු හා සමාගම්වීමවත් ඔහු ළඟට ඊමවත් අයුතු බව නුඹලාම දන්නහුය; නුමුත් කොයි මනුෂ්‍යයෙක්වත් අකැපය නොහොත් අපවිත්‍රයයි නොකියන්ට දෙවියන්වහන්සේ මට දැන්වූසේක.


තුන්වරක්ම මෙය කරනලද්දේය. නැවත සියල්ල අහසට ඇදගන්නාලද්දේය.


මමද: ස්වාමිනි, එසේ නොවේවා. මක්නිසාද අකැපවූ අපවිත්‍රවූ දෙයක් කිසි කලෙකත් මාගේ කටට ඇතුල් නොවීයයි කීවෙමි.


උන්වහන්සේ ඔවුන් සහ අප අතරේ කිසි වෙනසක් නොකොට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍රකළසේක.


මක්නිසාද එය දෙවියන්වහන්සේගේ වචනයෙන්ද යාච්ඤාවෙන්ද පිරිසිදු කරනු ලබන්නේය.