ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පවත්වන පිණිස යූදාවරුන් එක්සිත්කරවන ලෙස දෙවියන්වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේය.
ක්‍රියා 11:21 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන් සමඟ වූයේය. විශ්වාසකළාවූ විශාල ගණනක් ස්වාමීන්වහන්සේ වෙතට හැරුණෝය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේගේ බලය ඔවුන් මත පහළ විය. එකල විශාල සංබ්‍යාවක් අදහාගෙන සමිඳාණන් වහන්සේ වෙතට හැරුණාහ. සිංහල කාලීන පරිවර්තනය ස්වාමින්වහන්සේගේ හස්තය ඔවුන් සමඟ වූයෙන්, අදහාගත් ඉතා විශාල ජන-සංඛ්‍යාවක් ස්වාමින්වහන්සේ වෙත හැරුණහ. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේගේ බලය ඔවුන් මත පහළ විය. එකල විශාල සංබ්‍යාවක් අදහාගෙන සමිඳාණන් වහන්සේ වෙතට හැරුණාහ. |
ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පවත්වන පිණිස යූදාවරුන් එක්සිත්කරවන ලෙස දෙවියන්වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේය.
මක්නිසාද ඔහු පළමුවෙනි මාසයේ පළමුවෙනිදා බබිලෝනියෙන් පිටත්ව, ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය ප්‍රකාරයට පස්වෙනි මාසයේ පළමුවෙනිදා යෙරුසලමට පැමුණුණේය.
ඔව්හුද අප කෙරෙහි තිබුණු අපේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය ප්‍රකාරයට ඉශ්‍රායෙල්ගේ පුත්‍රයා වන ලෙවීගේ පුත්‍රවූ මාලීගේ පුත්‍රයන්ගෙන් බුද්ධිමත් මිනිසෙකුදවූ, ෂේරෙබියාද ඔහුගේ පුත්‍රයන් සහ සහෝදරයන්ද දහඅට දෙනෙකුත්,
මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබෙන බවද රජු මට කී වචන ගැනද ඔවුන්ට දැන්වීමි. ඔව්හුද: අපි නැගිට ගොඩනගමුයයි කීවෝය. මෙසේ ඔව්හු ඒ යහපත් වැඩේ සඳහා තමුන්ගේ අත් සවිකර ගත්තෝය.
ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත් නුවර පවුරුවලටත් මා පදිංචිවෙන ගෙටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරවූ ආසාප්ට දීමට ලියුමක්ද මට ලැබේවයි රජුට කීමි. මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජතෙම එසේම මට දුන්නේය.
බලව, ගළවන්ට බැරි ලෙස ස්වාමීන්වහන්සේගේ අත කොටවෙලාවත් නෑසෙන ලෙස උන්වහන්සේගේ කන බිහිරිවෙලාවත් නැත.
ඒ ඇසූ සියල්ලෝ ඒ දේ තමුන්ගේ සිත්වල තබාගෙන: එසේ නම් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේදැයි කීවෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හස්තය ඔහු සමඟ වූයේය.
මක්නිසාද ඔහු යහපත්වූ ශුද්ධාත්මයෙන්ද ඇදහිල්ලෙන්ද පූර්ණවූ මනුෂ්‍යයෙක්ය. මහත් සමූහයක්ද ස්වාමීන්වහන්සේට එක්කරනලද්දෝය.
සෙනඟට ප්‍රිය උපදින ලෙස ක්‍රියාකරමින් පසුවුණෝය. ස්වාමීන්වහන්සේ වනාහි ගැළවෙන්නාවූ අය දවස්පතා ඔවුන්ට එක්කළසේක.
අදහාගන්නන් වන පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද මහත් සමූහයක් වැඩි වැඩිව ස්වාමීන්වහන්සේට එක්කරනලද්දෝය.
තවද දෙවියන්වහන්සේගේ වචනය පතළවී ගියේය; ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩිවිය; පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරුවූවෝය.
මක්නිසාද අපේ ශුභාරංචිය නුඹලා වෙතට පැමුණුණේ වචනයෙන් පමණක් නොව බලයත් ශුද්ධාත්මයත් බොහෝ නිසැකකමත් ඇතුවය. එසේය, නුඹලා නිසා අපි නුඹලා අතරෙහි කොයි ආකාර අය වීමුදැයි නුඹලා දන්නහුය.