ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 11:10 - Sinhala Revised Old Version

තුන්වරක්ම මෙය කරනලද්දේය. නැවත සියල්ල අහසට ඇදගන්නාලද්දේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තුන් වරක් ම මෙය සිදු විය. ඉන්පසු නැවත සියල්ල අහසට ඇද ගන්නා ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

තුන් වතාවක්ම මෙලෙස සිදු වී ඉන්පසු ඒ සියල්ල යළි අහසටම ඇදගැනුනා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තුන් වරක් ම මෙය සිදු විය. ඉන්පසු නැවත සියල්ල අහසට ඇද ගන්නා ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 11:10
6 හුවමාරු යොමු  

එවිට බාලාක්ගේ කෝපය බාලාම්ට විරුද්ධව ඇවුළුණේය, ඔහු තමාගේ අත් එකට ගසා: මාගේ සතුරන්ට ශාපකරන පිණිස නුඹ කැඳවාගතිමි, එහෙත් නුඹ දැන් තුන් වරක් ඔවුන්ට ආශීර්වාද කෙළෙහිය.


යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹ මා නිසා නුඹේ ජීවිතය දෙන්නෙහිද? සැබැවක් සැබැවක් නුඹට කියමි–නුඹ මා නාඳුනමියි තුන්වරක් කියන තෙක් කුකුළා හඬලන්නේ නැතැයි කීසේක.


උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, නුඹ මට ආදරේදැයි ඔහුගෙන් ඇසූසේක. තුන්වෙනි වර: මට ආදරේදැයි යේසුස්වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේතෘස් දුකට පැමිණ–ස්වාමිනි, ඔබ සියල්ල දන්නාසේක; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මාගේ බැටළුවන් පෝෂණයකරන්න.


තවද එවේලේම කායිසාරියෙන් මා ළඟට එවනලද මනුෂ්‍යයෝ තුන්දෙනෙක් අප උන් ගෙය ඉදිරියෙහි සිටියෝය.


නුමුත් ශබ්දයක් දෙවෙනි වාරයෙහි අහසෙන් මට උත්තරදෙමින්: දෙවියන්වහන්සේ පවිත්‍රකළ දේ නුඹ අකැපයයි නොකියන්නැයි කීය.


ඒක මා කෙරෙන් පහවන පිණිස ඒ ගැන තුන්වරක් ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලුවෙමි.