ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, එහි උසත් විසි රියනක්ය; ඔහු එය අනර්ඝ රනින් වැසුවේය. පූජාසනය ඔහු කිහිරි ලීවලින් වැසුවේය.
එළිදරව් 21:21 - Sinhala Revised Old Version දොරටු දොළොස මුතු දොළොසක්ය; එක එක දොරටුව එක එක මුතුඇටයකින් සාදා තිබුණේය. නුවර වීථිය විනිවිද පෙනෙන වීදුරු මෙන් පවිත්‍ර රන්ය. Sinhala New Revised Version දොරටු දොළොස මුතු දොළොසකි. එක එක දොරටුව එක එක මුතු ඇටයකින් සාදා තිබිණි. නුවර වීදිය විනිවිද පෙනෙන වීදුරු මෙන් පිරිසිදු රන් ය. සිංහල කාලීන පරිවර්තනය පුර දොරටු දොළොස, මුතු දොළොසකි. හැම දොරටුවක්ම තනි මුතුවකින් නිමවා තිබිණි. පුර වීදිය විනිවිද පෙනෙන වීදුරු වැනි පවිත්‍ර රනින් යුතු විණි. Sinhala New Revised Version 2018 දොරටු දොළොස මුතු දොළොසකි. එක එක දොරටුව එක එක මුතු ඇටයකින් සාදා තිබිණි. නුවර වීදිය විනිවිද පෙනෙන වීදුරු මෙන් පිරිසිදු රන් ය. |
ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, එහි උසත් විසි රියනක්ය; ඔහු එය අනර්ඝ රනින් වැසුවේය. පූජාසනය ඔහු කිහිරි ලීවලින් වැසුවේය.
ඒ ස්ත්‍රී රත්නිල් සහ රතු පාට වස්ත්‍ර පැළඳ, රනින්ද අනර්ඝ ගල් සහ මුතුවලින්ද සැරසී සිටියාය, පිළිකුල්කම්වලින්ද ඇගේ වේශ්‍යාකමේ අපවිත්‍රකම්වලින්ද පූර්ණවූ රන් කුසලානක් ඇගේ අතේ තිබුණේය,
අහෝ, අහෝ, මහත් නුවර, සිහින් රෙදිද රත්නිල් සහ රක්ත වස්ත්‍රද පැළඳ රනින්ද අනර්ඝ මැණික් සහ මුතුවලින්ද සැරසුණාවු නුවර!
මා සමඟ කථාකළ තැනැත්තාට නුවරද එහි දොරටුද එහි පවුරද මනින පිණිස මිම්මක් කොට රන් දණ්ඩක් තිබුණේය.
එහි පවුර සූර්යකාන්තිවලින් ගොඩනගා තිබුණේය. නුවරද පවිත්‍ර වීදුරුවලට සමානවූ පවිත්‍ර රන්ය.
එහි වීථිය මැද ඔහු මට පෙන්විය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද දොළොස් ආකාරයක ඵල දරන, මාස්පතා ඵල දෙන, ජීවන-වෘක්ෂය තිබුණේය. ඒ වෘක්ෂයේ කොළ ජාතීන්ගේ සුවවීම පිණිසය.
සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමානවූ වීදුරු සමුද්‍රයක් වැනි පෙනීමක් විය; සිංහාසනය මධ්‍යයෙහිත් සිංහාසනය අවටත් ඉස්සරහින්ද පස්සෙන්ද ඇස්වලින් පිරුණාවූ ජීවමාන සත්වයන් සතර දෙනෙක් සිටියෝය.