නුඹලා මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය. නුඹ විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කිය යුතු වචන මේයයි කීසේක.
එළිදරව් 1:6 - Sinhala Revised Old Version අපව රාජ්‍යයක්ද තමන් පියවූ දෙවියන්වහන්සේගේ පූජකයන්ද කළාවූ තැනන්වහන්සේට ගෞරවයද පරාක්‍රමයද සදාකාලේටම වේවා. ආමෙන්. Sinhala New Revised Version තම පියාණන් වන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස උන් වහන්සේ අප රාජකීය පූජක වංශයක් කළ සේක. ඒ තැනැන් වහන්සේට, මහිමය ද බලපරාක්‍රමය ද සදහට ම වේ වා! ආමෙන්. සිංහල කාලීන පරිවර්තනය ස්වකීය දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේට රාජ්‍යයක් ද පූජකයින් ද බවට අප පත් කළ, තැනැන්වහන්සේට සදහට ම, සදාතනයට ම තේජෝමහිමයත්, ආධිපත්‍යයත් වේවා! ආමෙන්. Sinhala New Revised Version 2018 තම පියාණන් වන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස උන් වහන්සේ අප රාජකීය පූජක වංශයක් කළ සේක. ඒ තැනැන් වහන්සේට, මහිමය ද බලපරාක්‍රමය ද සදහට ම වේ වා! ආමෙන්. |
නුඹලා මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය. නුඹ විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කිය යුතු වචන මේයයි කීසේක.
නුඹලා වනාහි ස්වාමීන්වහන්සේගේ පූජකයෝයයි කියනු ලබන්නෝය. මනුෂ්‍යයන් නුඹලාට: අපේ දෙවියන්වහන්සේගේ සේවකයෝයයි කියනවා ඇත. නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්තිවිඳ, ඔවුන්ගේ තේජස හිමිකරගන්නවා ඇත.
ඒ දවස්වලට පසු නෙබුකද්නෙශර් වන මම මාගේ ඇස් ස්වර්ගය දෙසට එසවීමි, මාගේ සිහිය නැවත මට පැමුණුණේය, මම මහෝත්තමයාණන්වහන්සේට ප්‍රශංසාකොට, සදාකාලේටම ජීවත්වන්නාවූ සදාකාල ආණ්ඩුවක්ද පරම්පරාවෙන් පරම්පරාවට පවතින රාජ්‍යයක්ද ඇත්තාවූ තැනන්වහන්සේ වර්ණනාකොට ගෞරව දුනිමි.
සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද උන්වහන්සේට සේවයකරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද උන්වහන්සේට දෙනලද්දේය. උන්වහන්සේගේ ආණ්ඩුව පහ නොවන සදාකාල ආණ්ඩුවක්ය, උන්වහන්සේගේ රාජ්‍යයද නැති නොවන්නේය.
පියාණන්වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චයම පුත්‍රයාටදී තිබේ. පුත්‍රයාට ගෞරව නොකරන්නා ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව නොකරයි.
මක්නිසාද සියල්ල උන්වහන්සේ කෙරෙන්ය, උන්වහන්සේ කරණකොටගෙනය, උන්වහන්සේ උදෙසාය. උන්වහන්සේට සදාකල්ම මහිමය වේවා. ආමෙන්.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ආදර්ශය ලෙස නුඹලා එකිනෙකා සමඟ එක්සිත්ව සිටින්ට, ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන්වහන්සේ වර දෙනසේක්වා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.
කිසිවෙකුට ළඟාවෙන්ට බැරි ආලෝකයෙහි වසන්නාවූ, කිසි මනුෂ්‍යයෙකු විසින් නුදුටුවාවූ, දකින්ටත් බැරිවූ තැනන්වහන්සේ ඒ ප්‍රකාශවීම නියම කාලවලදී පෙන්වනවා ඇත. උන්වහන්සේට ගෞරවයත් සදාකාල පරාක්‍රමයත් වේවා. ආමෙන්.
තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණකරනසේක්වා. උන්වහන්සේට සදාකාලේටම ගෞරවය වේවා. ආමෙන්.
යමෙක් කථාකෙරේ නම්, දෙවියන්වහන්සේගේ වාක්‍ය වශයෙන් කථාකරාවා; යමෙක් සේවයකෙරේ නම්, දෙවියන්වහන්සේ සපයාදෙන ශක්තියේ ප්‍රකාර සේවයකරාවා. දෙවියන්වහන්සේට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සියලු කාරණාවලදී ගෞරව පැමිණෙන පිණිස එසේකරන්ට ඕනෑය. මහිමයත් පරාක්‍රමයත් සදාකාලේටම උන්වහන්සේගේය. ආමෙන්.
එහෙත් අපගේ ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේ දැනගැන්මෙහිද වර්ධනයවෙන්න. දැනටත් සදාකාලයටත් උන්වහන්සේට ගෞරවය වේවා. ආමෙන්.
අපගේ ගැළවුම්කාරවූ එකම දෙවියන්වහන්සේට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගෞරවයද මහන්තත්වයද පරාක්‍රමයද බලයද සියලු කාලවලට ප්‍රථමයෙන් සහ දැනටත් සදාකාලේටත් වේවා. ආමෙන්.
නුඹලාගේ සහෝදරයාද, යේසුස්වහන්සේ තුළ පීඩා විඳීමෙහිත් රාජ්‍යයෙහිත් ඉවසීමෙහිත් පංගුකාරයාද වූ යොහන් නම් මම, දෙවියන්වහන්සේගේ වචනයද යේසුස්වහන්සේගේ සාක්ෂියද නිසා පත්මොස් නම් දිවයිනෙහි සිටියෙමි.
පළමුවෙනි නැවත-නැගිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය, ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවෙනි මරණයට බලය නැත්තේය; ඔව්හු දෙවියන්වහන්සේගෙත් ක්‍රිස්තුස්වහන්සේගෙත් පූජකයෝව, උන්වහන්සේ හා සමඟ අවුරුදු දහසක් රජකම්කරන්නෝය.
අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේයයි කියති.
ඔවුන් අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක; ඔව්හු පොළොවෙහි රජකම්කරතියි කීවෝය.