ඔවුන් වාලුන් කොට ගෙනයනු ලැබූ දේශයේදී ඔවුන් ඒ කාරණා සිතට ගෙන හැරී ඔවුන් වාලට ගත් අයගේ දේශයේදී ඔබට කන්නලව් කොට: අපි පව් කෙළෙමුව, හිතුවක්කාරකම් කෙළෙමුව, දුෂ්ටලෙස ක්‍රියා කෙළෙමුයයි කියමින්,
එස්රා 9:7 - Sinhala Revised Old Version අපේ පියවරුන්ගේ දවස්වල පටන් අද දක්වා අපි අතිශයින් වරදකාරයෝව සිට, අපේ අපරාධ නිසා අපිද අපේ රජවරුද අපේ පූජකයෝද අද දවසේ තිබෙන හැටියට දේශවල රජවරුන් අතටත් කඩුවටත් වාල්කමටත් කොල්ලකෑමටත් මුහුණේ ලජ්ජාවටත් පාවාදෙනු ලැබීමුව. Sinhala New Revised Version අපේ පියවරුන්ගේ කාලයේ පටන් අද දක්වා අප අතිශයින් වරදකාරයන් ව සිට, අපේ අපරාධ නිසා, අපි ද අපේ රජවරු ද අපේ පූජකයෝ ද අද දවසේ තිබෙන හැටියට විදේශවල රජවරුන් අතටත්, කඩුවටත්, වහල් කමටත්, කොල්ලකෑමටත්, විළිලජ්ජාවටත් පාවා දෙනු ලැබීමු. අද අපේ දුඃඛිත තත්ත්වය එය යි. Sinhala New Revised Version 2018 අපේ පියවරුන්ගේ කාලයේ පටන් අද දක්වා අප අතිශයින් වරදකාරයන් ව සිට, අපේ අපරාධ නිසා, අපි ද අපේ රජවරු ද අපේ පූජකයෝ ද අද දවසේ තිබෙන හැටියට විදේශවල රජවරුන් අතටත්, කඩුවටත්, වහල් කමටත්, කොල්ලකෑමටත්, විළිලජ්ජාවටත් පාවා දෙනු ලැබීමු. අද අපේ දුඃඛිත තත්ත්වය එය යි. |
ඔවුන් වාලුන් කොට ගෙනයනු ලැබූ දේශයේදී ඔවුන් ඒ කාරණා සිතට ගෙන හැරී ඔවුන් වාලට ගත් අයගේ දේශයේදී ඔබට කන්නලව් කොට: අපි පව් කෙළෙමුව, හිතුවක්කාරකම් කෙළෙමුව, දුෂ්ටලෙස ක්‍රියා කෙළෙමුයයි කියමින්,
මක්නිසාද අපේ පියවරු ද්‍රෝහිකම් කරමින්, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කොට, උන්වහන්සේ අත්හැර ස්වාමීන්වහන්සේගේ වාසස්ථානය වෙතින් තමුන්ගේ මුහුණු අහක්කරගන පිටිපෑවෝය.
තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළාවූ නුඹලාගේ පියවරුන්ටත් සහෝදරයන්ටත් සමාන නොවෙන්න; නුඹලාට පෙනෙන හැටියට උන්වහන්සේ ඔවුන් ව්‍යසනයට පාවාදුන්සේක.
බලව, මම මේ ඉඩම පිටටත් මෙහි වැසියන් පිටටත් විපත එනම්, යූදා රජු ඉදිරියෙහි කියෙවු පොතෙහි ලියා තිබෙන සියලු ශාපවල් පමුණුවන්නෙමි.
ඉතින් අපේ නපුරු ක්‍රියාද මහත් වරදකාරකමද නිසා අපට පැමිණි සියල්ලට පසුව, අපේ දෙවිවූ ඔබ විසින් අපේ අයුතුකම්වල තරමට අච්චු නොකර මෙයාකාර ගැළවීමක් අපට ඉතිරිකරදී තිබියදීත්,
එහෙත් ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉවසා, ඔබගේ ආත්මයෙන් ඔබගේ ප්‍රොපේතවරුන් ලවා ඔවුන්ට අවවාදකෙරෙවුසේක. නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. ඔබද දේශවල ජනයන් අතට ඔවුන් පාවාදුන්සේක.
ඔබ ඉදිරියේ කඳු දියව ගියේය. තමන් ගැන බලා සිටින අය උදෙසා ක්‍රියා කරන්නාවූ ඔබ හැර වෙන දෙවිකෙනෙක් ඇති බවක් පුරාණයේ සිට අසන්ට යෙදුණේවත් කනට වැටුණේවත් ඇසින් දකින්ට යෙදුණේවත් නැත.
එනම් යෙරුසලමටත් යූදාහි නුවරවලටත් එහි රජවරුන්ටත් එහි අධිපතීන්ටත් අද දවසේ පෙනෙන ලෙස ඔවුන් පාළුවක්ද විස්මයක්ද නින්දාවක්ද ශාප-වචනයක්ද කරන පිණිස පෙවුවෙමි.
අපේ ලජ්ජාවෙහි අපි වැටී ඉඳිමු, අපේ නින්දාවද අප වසාගනීවා. මක්නිසාද අපේ බාල වයසේ පටන් අද දවස දක්වා අපිද අපේ පියවරුද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමුව.
ඔව්හුද ඇතුල්වී ඒක හිමිකරගත්තෝය; නුමුත් ඔවුන් ඔබගේ හඬට කීකරුවුණේවත් ඔබගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට හැසුරුණේවත් ඔවුන්ට කරන්ට ඔබ අණකළ සියල්ල කළේවත් නැත. ඉන්නිසා ඔබ මේ මුළු විපත්තිය ඔවුන්ට පැමිණෙවුසේක.
එසේ වන්නේ මා කෝපකරවන හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ද යූදා පුත්‍රයන්ද ඔවුන්ගේ රජවරුන්ද ඔවුන්ගේ අධිපතීන්ද ඔවුන්ගේ පූජකයන්ද ඔවුන්ගේ අනාගතවක්තෘවරුන්ද යූදාහි මනුෂ්‍යයන්ද යෙරුසලමේ වැසියන්ද කළාවූ ඔවුන්ගේ සියලු නපුරුකම් නිසාය.
එසේ නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසාත් නුඹලා කළ පිළිකුල්කම් නිසාත් ස්වාමීන්වහන්සේට තවත් ඉවසන්ට බැරි විය; එබැවින් නුඹලාගේ දේශය, අද තිබෙන හැටියට වැසියෙක් නැතුව පාළුවක්ද විස්මයක්ද ශාප-වචනයක්ද වී තිබේ.
යූදා දේශයෙහිත් යෙරුසලමේ වීථිවලත් කළාවූ නුඹලාගේ පියවරුන්ගේ නපුරුකම්ද යූදාහි රජවරුන්ගේ නපුරුකම්ද ඔවුන්ගේ භාර්යාවන්ගේ නපුරුකම්ද නුඹලාගේම නපුරුකම්ද නුඹලාගේ භාර්යාවන්ගේ නපුරුකම්ද නුඹලාට මතකනැතිවීද?
මම නුඹලා මෙය තුළෙන් පිටකර, විදේශීන් අතට නුඹලා පාවාදී, විනිශ්චයන් නුඹලා කෙරෙහි ඉෂ්ටකරන්නෙමි.
තවද ඉශ්‍රායෙල් වංශය වහල්කමට ගියේ ඔවුන්ගේ අයුතුකම නිසා බව ජාතීන් දැනගන්නවා ඇත; මක්නිසාද ඔව්හු මට විරුද්ධව ද්‍රෝහිකම් කළෝය, මමද මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගෙන, ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතට ඔවුන් පාවාදුන්නෙමි, ඔවුන් සියල්ලෝ කඩුවෙන් වැටුණෝය.
දැන් නුඹලාත් පව්කාර වර්ගයක්ව ස්වාමීන්වහන්සේගේ තද උදහස ඉශ්‍රායෙල්වරුන්ට තවත් වැඩිකරන පිණිස නුඹලාගේ පියවරුන් වෙනුවට නැගුටුණහුය.
නුමුත් නුඹලා ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් නොදී උන්වහන්සේගේ අණට විරුද්ධව කැරළි ගසන්නහුනම්, උන්වහන්සේගේ හස්තය නුඹලාගේ පියවරුන්ට විරුද්ධව තිබුණාක් මෙන් නුඹලාටත් විරුද්ධවන්නේය.