එස්තර් 2:3 - Sinhala Revised Old Version එබඳු රූපසම්පන්න සියලු කන්‍යා තරුණියන් ෂූෂන් බලකොටුවේ තිබෙන ස්ත්‍රීන්ගේ ගෙයි රජ්ජුරුවන්ගේ නපුංසකයාවූ, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට රැස්කරගන එන පිණිස රජ්ජුරුවන් තමාගේ රාජ්‍යයේ සියලු රටවල මුලාදෑනීන් නියමකරන්ටත්, ඒ තැනැත්තියන්ගේ පවිත්‍රවීම පිණිස නිසි දේ ඔවුන්ට දෙන්ටත් යෙදේවා. Sinhala New Revised Version එබඳු රූපසම්පන්න සියලු කන්‍යාවන් සූසා අගනුවර ඇති අන්තඃපුරයට ගෙනෙනු ලබන පිණිස රාජ්‍යයේ සියලු ප්‍රදේශවල නිලධාරීන්ට රජු විසින් නියම කරනු ලැබේවා. ස්ත්‍රීන් භාර ව සිටින්නා ද රජවරුන්ගේ නපුංසකයා ද වන හෙගයිගේ රැකවරණයට ඔවුන් භාර කරනු මැනව. ඒ කාන්තාවන්ට ඔවුන්ගේ රූපලාවණ්‍යය සඳහා අවශ්‍ය දේ සපයා දෙනු මැනව. |
එවිට රජ්ජුරුවන්ට ප්‍රියව පෙනෙන තරුණිය වස්තී වෙනුවට බිසෝ වේවායි කීවෝය. ඒ කාරණාවට රජ ප්‍රසන්නවී එලෙස කෙළේය.