එස්තර් 2:18 - Sinhala Revised Old Version රජ තමාගේ සියලු අධිපතීන් හා සේවකයන්ට එස්තර්ගේ මංගල්‍යය වන මහත් මංගල්‍ය කෑමක් පිළියෙළකර දුන්නේය; රටවලට නිදහසක්ද දී රජුගේ ත්‍යාගවත්කම ලෙස තෑගි දුන්නේය. Sinhala New Revised Version රජ තමාගේ සියලු අධිපතීන්ට හා සේවකයන්ට මහා මංගල්‍ය භෝජනයක් පිළියෙළ කර දුන්නේ ය. එය එස්තර්ට උපහාර දැක්වීමේ මංගල්‍යයකි. රජ සියලු ප්‍රදේශවල නිවාඩු දිනයක් පළ කර, රජ කෙනෙකුට ඔබින ලෙස තෑගි බෙදා දුන්නේ ය. |
ලෙවීවරුද: අද දවස ශුද්ධ නිසා නිශ්ශබ්දවෙන්න; ශෝක නොවෙන්නැයි කියා මුළු සෙනඟ නිශ්චල කළෝය.
බොන්ට දුන්නේ රන් කුසලාන්වලින්ය. කුසලාන්ද එකිනෙකට වෙනස්ව තිබුණේය. රාජ මුද්‍රිකපානය රජුගේ ත්‍යාගවත්කම ලෙස බොහෝසෙයින්ම තිබුණේය.
ඒවා ප්‍රීතිමත්වූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ, දිළිඳුන්ට දන් දෙන්නාවූ මංගල්‍ය දවස් කරගන්ට කියා ඔවුන්ට නියමකෙළේය.
සියොන් දූවරුනි, පිටත ගොස්, සාලමොන් ස්වකීය සරණවීමේ දවසේදී, තමාගේ සිතේ ප්‍රීතියේ දවසේදී, ඔහුගේ මෑණියන් විසින් ඔහුට පැළඳෙවු ඔටුන්න පැළඳ සිටිනවා බලන්න.
මාගේ සහෝදරිය මාගේ මනමාලිය, මම මාගේ උයනට ඇවිත්, මම මාගේ ගන්ධරස මාගේ සුවඳ බඩු සමඟ රැස්කරගතිමි, මාගේ මීවදේ සමඟ මාගේ මීපැණි කෑවෙමි, මාගේ කිරි සමඟ මාගේ මුද්‍රිකපානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න, එසේය, බොහෝසෙයින් බොන්න.
තවද පහසු දිනක් පැමිණියෙන්, හෙරොද් තමා උපන් දවසේදී තමාගේ උත්තමයන්ටද ප්‍රධාන සේනාධිපතීන්ටද ගලීලයේ ප්‍රධානීන්ටද මංගල්‍යකෑමක් දුන්නේය.
යමෙක් විසින් සරණ මංගල්‍යයකට නුඹ කැඳවනු ලැබූ කල්හි ප්‍රධානාසනයෙහි ඉඳ නොගන්න. සමහරවිට නුඹට වඩා උතුම් කෙනෙක් කැඳවනු ලැබුවේ නම්,
මේ ප්‍රොපේතවරුන් දෙදෙන පොළොවේ වසන්නන්ට වධකළ නිසා, පොළොවේ වසන්නෝ ඔවුන් ගැන ප්‍රීතිව සන්තෝෂවෙමින් එකිනෙකාට තෑගි යවන්නෝය.
තවද: බැටළු පැටවාණන්ගේ සරණමංගල්‍ය කෑමට කැඳවනලද්දෝ වාසනාවන්තයෝය කියා ලියන්නැයි ඔහු මට කීවේය.
නුඹේ වැඩකාරයන් ගෙන් ඇසුවොත් ඔවුන් නුඹට කියනවා ඇත. ඒ නිසා යෞවනයන්ට නුඹේ ඇස් හමුවෙහි කරුණාව ලැබේවා; මක්නිසාද අපි හොඳ දවසකදී ආවෙමුව. නුඹේ මෙහෙකරුවන්ටත් නුඹේ පුත්‍රවූ දාවිත්ටත් නුඹට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමියි කියන්නැයි කීවේය.