ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් 1:8 - Sinhala Revised Old Version

බොන්ට යෙදුණේ නියෝගය ලෙසය; කිසිවෙකුට බලාත්කාරකළේ නැත. මක්නිසාද එක එක මනුෂ්‍යයාගේ ප්‍රසන්නකමේ හැටියට කරන ලෙස රජු විසින් තමාගේ ගෙයි සියලු මුලාදෑනීන්ට නියමකර තිබුණේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

කිසිවෙකුට බල නොකළ යුතු ය යනු බීම සම්බන්ධයෙන් වූ නියෝගය වේ. එකිනෙකාගේ කැමැත්ත පරිදි කරන ලෙස රජු තමාගේ මාලිගාවේ සියලු මුලාදෑනීන්ට නියම කර තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් 1:8
6 හුවමාරු යොමු  

බොන්ට දුන්නේ රන් කුසලාන්වලින්ය. කුසලාන්ද එකිනෙකට වෙනස්ව තිබුණේය. රාජ මුද්‍රිකපානය රජුගේ ත්‍යාගවත්කම ලෙස බොහෝසෙයින්ම තිබුණේය.


වස්තී බිසවද අහෂ්වේරොෂ් රජුට අයිති මාලිගාවේදී ස්ත්‍රීන්ට මංගල්‍ය කෑමක් දුන්නාය.


අපි වනාහි අපේ පියවූ රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ් අපට අණකළ සියල්ල ගැන ඔහුගේ හඬට කීකරුවීමුව, කිසිකලක අපිවත් අපේ භාර්යාවෝවත් අපේ පුත්‍රයෝවත් අපේ දූවරුවත් මුද්‍රිකපානය නොබී,


බබිලෝනිය වනාහි ස්වාමීන්වහන්සේගේ අතේ තිබුණු මුළු පොළොව මත් කළාවූ රන් කුසලානක්ය. ඇගේ මුද්‍රික පානයෙන් ජාතීහු බීවෝය; එබැවින් ජාතීහු උමතුව සිටිති.


උන්වහන්සේද: ඉතින් එයින් අරන් මංගල්‍යයේ ප්‍රධානියා ළඟට ගෙනියන්නැයි ඔවුන්ට කීසේක. ඔව්හු ගෙනගියෝය.