එසකියෙල් 7:9 - Sinhala Revised Old Version මාගේ ඇස දයා නොවන්නේය, මම කරුණා නොකරන්නෙමි, මම නුඹේ මාර්ග ලෙස නුඹ පිටට [දඬුවම්] පමුණුවන්නෙමි, නුඹේ පිළිකුල්කම්ද නුඹ තුළට පැමිණෙනවා ඇත; පහරදෙන්නේ ස්වාමිවූ මා බව මෙසේ නුඹලා දැනගන්නවා ඇත. Sinhala New Revised Version මම නුඹලාට දයාව නොදක්වමි; අනුකම්පා නොකරන්නෙමි. පිළිකුල් කටයුතු දේ නුඹලා තුළ පවතින තුරු නුඹලාගේ කල්ක්‍රියාව අනුව මම නුඹලාට දඬුවම් කරන්නෙමි. පහර දෙන්නේ ස්වාමීන් වන මා බව මෙසේ නුඹලා දැනගන්නහු ය. Sinhala New Revised Version 2018 මම නුඹලාට දයාව නොදක්වමි; අනුකම්පා නොකරන්නෙමි. පිළිකුල් කටයුතු දේ නුඹලා තුළ පවතින තුරු නුඹලාගේ කල්ක්‍රියාව අනුව මම නුඹලාට දඬුවම් කරන්නෙමි. පහර දෙන්නේ ස්වාමීන් වන මා බව මෙසේ නුඹලා දැනගන්නහු ය. |
මනුෂ්‍යයෙකු හා ඔහුගේ සහෝදරයාද පියවරුන් හා පුත්‍රයන්ද එකට ගසන්නෙමි; ඔවුන් විනාශ නොකරන හැටියට මා දයාවෙන්නේවත් කරුණාකරන්නේවත් අනුකම්පාකරන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඉන්පසු මම යූදාහි රජවූ ශෙදෙකියාද, ඔහුගේ සේවකයන්ද, සෙනඟද, එනම් වසංගතයෙනුත් කඩුවෙනුත් සාගතයෙනුත් මේ නුවර ඉතුරු වෙන්නන්, බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔහුද ඔවුන්ට කරුණා නොකොට, අනුකම්පාකරන්නේවත් දයාවෙන්නේවත් නැතුව, ඔවුන්ට කඩුමුවහතින් පහර දෙන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
මම ඔහුටත් ඔහුගේ වංශයටත් සේවකයන්ටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම්කොට, ඔවුන් පිටටත් යෙරුසලමේ වැසියන් පිටටත් යූදාහි මනුෂ්‍යයන් පිටටත් ඔවුන් ගැන මා කීවාවූ ඔවුන් නෑසුවාවූ සියලු විපත්ති පමුණුවන්නෙමියි කීවේය.
ස්වාමීන්වහන්සේ තමන් යෝජනා කළ දේ ඉෂ්ටකළසේක; උන්වහන්සේ පුරාණ දවස්වල සිට නියමකර තිබුණු තමන් කීම සම්පූර්ණකළසේක; උන්වහන්සේ අනුකම්පා නොකොට, හෙළාදැමූසේක. සතුරා නුඹට විරුද්ධව සන්තෝෂවෙන්ට සලස්වා, නුඹේ එදිරිකාරයන්ගේ අඟ එසෙවුසේක.
උඳුන තුළ රිදී උණුවන්නාක්මෙන් නුඹලා එහි තුළ උණුවන්නහුය; ස්වාමීන්වහන්සේ වන මා විසින් මාගේ කෝපය නුඹලා කෙරෙහි වැගිරෙවු බව නුඹලා දැනගන්නවා ඇතැයි කීය.
ඔවුන් නුඹලාගේ සල්ලාලකමේ ඵල නුඹලා පිටට පමුණුවනවා ඇත, නුඹලාගේ පිළිමවල පාපද නුඹලා දරා, මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීසේක.
එබැවින් මා ජීවත්වෙනවා සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක: නුඹේ සියලු අශික්ෂිතකම්වලින්ද නුඹේ සියලු පිළිකුල්කම්වලින්ද නුඹ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකළ නිසා සැබවින්ම මමත් නුඹ අඩු බවට පමුණුවන්නෙමි; මාගේ ඇස දයාව නොපෙන්වන්නේය, මමද කරුණා නොකරන්නෙමි.
මෙන්න, ඒ දවස! බලව, එය පැමිණෙයි! නුඹේ දඬුවම් වාරය පැමුණුණේය; ඉපල මල්ගත්තේය, උඩඟුකමද දළුලෑවේය.
දැන් ඉක්මනින් මාගේ කෝපය නුඹ පිටට වගුරුවා, මාගේ උදහස නුඹ කෙරෙහි ඉෂ්ටකරන්නෙමි. නුඹේ මාර්ග ලෙස නුඹ විනිශ්චයකොට, නුඹේ සියලු පිළිකුල්කම් නුඹ පිටට පමුණුවන්නෙමි.
ස්වාමීන්වහන්සේගේ හඬ නුවරට මොරගසන්නේය, ඥානවන්තයා ඔබගේ නාමය දකිනවා ඇත. දණ්ඩටත් ඒක නියමකළ තැනන්වහන්සේටත් යටත්වෙන්න.
නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.
සමුද්‍රය එහි උන් මළවුන් පාවාදුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මළවුන් පාවාදුන්නෝය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චයකරනු ලැබුවෝය.