එසකියෙල් 45:13 - Sinhala Revised Old Version නුඹලා ඔප්පු කළ යුතුවූ එසවීම් පූජාව නම් තිරිඟු හෝමෙරකින් ඒඵාවෙන් හයෙන් කොටසක්ය, යව හෝමෙරකිනුත් ඒඵාවෙන් හයෙන් කොටසක් දිය යුතුය. Sinhala New Revised Version “නුඹලා ඔප්පු කළ යුතු වූ එසවීමේ පූජාව නම්, තිරිඟු අස්වැන්නෙන් හැටෙන් එකකි. යව අස්වැන්නෙන් හැටෙන් එකකි. Sinhala New Revised Version 2018 “නුඹලා ඔප්පු කළ යුතු වූ එසවීමේ පූජාව නම්, තිරිඟු අස්වැන්නෙන් හැටෙන් එකකි. යව අස්වැන්නෙන් හැටෙන් එකකි. |
තෙල් සම්බන්ධ නියමය නම්: බාත් දසයක් අඩංගුවූ හෝමෙර වන කෝරකින් බාතෙන් දසයෙන් පංගුවක් දිය යුතුය; හෝමෙරට බාත් දසයක් වේ.