මෙසේ වුණේ දේශය ඒකේ සබත් කාලවල් භුක්තිවිඳිනතුරු යෙරෙමියාගේ මුඛයෙන් කියවනලද ස්වාමීන්වහන්සේගේ වචනය සම්පූර්ණවෙන පිණිසය. සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවෙනතුරු, දේශය පාළුව තිබුණු කාලය මුළුල්ලෙහි එය සබත් විවේකය ගත්තේය.
එසකියෙල් 36:34 - Sinhala Revised Old Version මග යන සියල්ලන්ට දේශය පාළුවක්ව පෙනුණු නුමුත් එය අස්වද්දනු ලබන්නේය. Sinhala New Revised Version මඟ යන සියල්ලන්ගේ ඇස් හමුයෙහි පාළුවක් ව තිබුණ දේශය අස්වද්දනු ලබන්නී ය. Sinhala New Revised Version 2018 මඟ යන සියල්ලන්ගේ ඇස් හමුයෙහි පාළුවක් ව තිබුණ දේශය අස්වද්දනු ලබන්නී ය. |
මෙසේ වුණේ දේශය ඒකේ සබත් කාලවල් භුක්තිවිඳිනතුරු යෙරෙමියාගේ මුඛයෙන් කියවනලද ස්වාමීන්වහන්සේගේ වචනය සම්පූර්ණවෙන පිණිසය. සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවෙනතුරු, දේශය පාළුව තිබුණු කාලය මුළුල්ලෙහි එය සබත් විවේකය ගත්තේය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ සියලු අපරාධවලින් මා විසින් නුඹලා පිරිසිදුකරන දවසේදී මම නුවරවල මිනිසුන් වාසයකරවන්නෙමි, පාළු ඉඩම්ද ගොඩනගනු ලබන්නේය.
මිනිස්සුද කථාකොට: පාළුවී තිබුණු මේ දේශය ඒදන් උයන මෙන් වී තිබේ; නාස්තිව පාළුව ජරාවාසව තිබුණාවූ නුවරවල් බලකොටුවී වැසියන් ඇතුව තිබේයයි කියන්නෝය.
නුඹ ළඟින් යන සියල්ලන්ගේ ඇස් හමුවෙහි නුඹ අවට සිටින ජාතීන් අතරෙහි නුඹ පාළුවක්ද නින්දාවක්ද කරන්නෙමි.
මම ඔවුන්ට විරුද්ධව මාගේ අත දිගුකොට, කාන්තාරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන මුළුල්ලෙහි දේශය පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.