එසකියෙල් 28:21 - Sinhala Revised Old Version මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ශීදොන් දෙසට හරවා ඊට විරුද්ධව අනාගතවාක්‍ය පවසමින් මෙසේ කියන්න: Sinhala New Revised Version “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ සීදොන් දෙසට හරවා, ඊට විරුද්ධ ව දිවැස් වැකි පවසමින් මෙසේ කියන්න: Sinhala New Revised Version 2018 “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ සීදොන් දෙසට හරවා, ඊට විරුද්ධ ව දිවැස් වැකි පවසමින් මෙසේ කියන්න: |
කානාන්ගේ සීමාව ශීදොන් පටන් ගෙරාර් පිහිටි අතට ගාශා දක්වාද සොදොම්, ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන මේවා පිහිටි අතට ලාෂා දක්වාද විය.
බලාත්කාරය වින්ද කන්‍යාව වන ශීදොන් දියණියෙනි, නුඹ තවත් ප්‍රීතිමත් නොවන්නෙහිය. පිටත්ව කිත්තිවරුන් ළඟට යන්න; එහිදීත් නුඹට නිවාඩුවක් නොලැබෙන්නේයයි උන්වහන්සේ කීසේක.
පසුව ඒවා යෙරුසලමට, යූදාහි රජවූ ශෙදෙකියා වෙතට එන්නාවූ පණිවිඩකාරයන් අතින් ඒදොම්හි රජුටද මෝවබ්හි රජුටද අම්මොන් පුත්‍රයන්ගේ රජුටද තීර්හි රජුටද ශීදොන්හි රජුටද යවා,
මෙසේ වෙන්නේ ඉතිරිවූ සියලු උපකාරකාරයන් තීර් සහ සීදොන් කෙරෙන් සිඳදමන පිණිස සියලු පිලිස්තිවරුන් නාස්තිකිරීමට පැමිණෙන දවස නිසාය. මක්නිසාද කප්තෝර් ද්වීපයෙන් ඉතිරිව සිටින්නන් වන පිලිස්තිවරුන් ස්වාමීන්වහන්සේ නාස්තිකරනසේක.
මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ යෙරුසලම දෙසට හරවා තබාගන, ශුද්ධස්ථාන දෙසට නුඹේ වචනය පිටෝතුකරමින්, ඉශ්‍රායෙල් දේශයට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න.
මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ අම්මොන් පුත්‍රයන් දෙසට හරවාගන, ඔවුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්, මෙසේ කියන්න.
ශීදොන්හි සහ අර්වද්හි වැසියෝ නුඹේ හබල්කාරයෝව සිටියෝය. එම්බා තීර්, නුඹ තුළ සිටි නුඹේ ප්‍රඥාවන්තයෝම නුඹේ නාවිකයෝව සිටියෝය.
මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝට විරුද්ධව නුඹේ මුහුණ හරවා, ඔහුටත් මුළු මිසරයටත් විරුද්ධව අනාගතවාක්‍ය කියන්න.
එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝද සියලු ශීදොන්වරුද සිටිති; ඔව්හු මැරුම්කෑ අය සමඟ බැසගියෝය; ඔව්හු තමුන්ගේ බලවන්තකමෙන් ඉපදෙවූ භීතිය ගැන ලජ්ජාවී කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, මිනීවළට බසින්නන් සමඟ තමුන්ගේ නින්දාව දරති.
මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ඉශ්‍රායෙල් කඳු දෙසට හරවාගෙන ඒවාට විරුද්ධව මෙසේ අනාගතවාක්‍ය කියන්න–
එතනින් සීමාව රාමාට හැරී, පවුරු ඇති නුවරවූ තීර්ට පැමිණ, හෝසාට හැරී අක්සීබ් පළාතේ පටන් ගොස් මුහුද ළඟ කෙළවර වුණේය.