එසකියෙල් 24:20 - Sinhala Revised Old Version එවිට මම ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ මෙසේ කීයේය–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඉශ්‍රායෙල් වංශයට කියන්න. Sinhala New Revised Version එවිට මම ඔවුන්ට කතා කෝට මෙසේ කීමි; “සමිඳාණන් වහන්සේ මට කතාකොට මෙසේ වදාළ සේක. ‘දෙවි ස්වාමීන් වහන්සේ, ඉශ්රායෙල් වංශයට මෙසේ වදාරන සේක. Sinhala New Revised Version 2018 එවිට මම ඔවුන්ට කතා කොට මෙසේ කීමි; “සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක. ‘දෙවි ස්වාමීන් වහන්සේ, ඉශ්රායෙල් වංශයට මෙසේ වදාරන සේක. |
බලව, මම නුඹලාගේ බලයේ පාරට්ටුව වූ, නුඹලාගේ ඇස්වලට ප්‍රියව තිබෙන්නාවූ, නුඹලාගේ ආත්ම ආශාවෙන්නාවූ මාගේ ශුද්ධස්ථානය කෙලහන්නෙමි; නුඹලා විසින් අත්හැර ආවාවූ නුඹලාගේ පුත්‍රයෝද නුඹලාගේ දූවරුද කඩුවෙන් වැටෙන්නෝය.