ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 16:58 - Sinhala Revised Old Version

නුඹේ සල්ලාලකමද නුඹේ පිළිකුල්කම්ද නුඹම දැරුවෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නුඹ කළ අශික්ෂිත පිළිකුල් කටයුතු ක්‍රියාවල විපාකය නුඹ දැරිය යුතු ය.’ මෙසේ පැවසුවේ සමිඳාණන් වහන්සේ ය.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නුඹ කළ අශික්ෂිත පිළිකුල් කටයුතු ක්‍රියාවල විපාකය නුඹ දැරිය යුතු ය.’ මෙසේ පැවසුවේ සමිඳාණන් වහන්සේ ය.”

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 16:58
5 හුවමාරු යොමු  

එවිට කායින් ස්වාමීන්වහන්සේට කථාකොට: මාගේ දඬුවම දැරිය නොහැකි තරම් මහත්ය.


අපේ පියවරු පව්කළෝය, ඔව්හු නැත; අපි ඔවුන්ගේ අයුතුකම් දැරුවෙමුව.


නුඹේ බාල කාලය නුඹ සිහිනැතිකොට, ඒ සියල්ලෙන් මා උදහස්කළ බැවින්, බලව, මමත් නුඹේ මාර්ගය නුඹේ හිස පිටට පමුණුවන්නෙමි. නුඹද නුඹේ සියලු පිළිකුල්කම්වලට වඩා නරකවූ මේ දූෂ්‍යකම නොකරන්නෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ගිවිසුම කඩකරන ලෙස දිවුරුම සුළුකළාවූ නුඹ කළ හැටියටම මම නුඹට කරන්නෙමි.


ඔවුන් නුඹලාගේ සල්ලාලකමේ ඵල නුඹලා පිටට පමුණුවනවා ඇත, නුඹලාගේ පිළිමවල පාපද නුඹලා දරා, මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීසේක.