මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිකමට විකුණන ලද්දහුය; මිල නැතුව නුඹලා මුදනු ලබන්නහුය.
එසකියෙල් 16:31 - Sinhala Revised Old Version එසේය, නුඹේ සියලු මාර්ග කොන්වල නුඹේ (වේශ්‍යා) මහල ගොඩනගා, සියලු වීථිවල නුඹේ උස්තැනක් සාදාගත්තෙහිය; පණයම් එපාකරන හෙයින් වේශ්‍යාවට නුඹ සමාන නූණෙහිය. Sinhala New Revised Version එසේ ය, නුඹේ සියලු මාර්ගවල නුඹ යහන් තනාගෙන සියලු වීදිවල නුඹේ කඳු මත පූජාස්ථාන සාදාගත්තෙහි ය. එහෙත්, සාමාන්‍ය වෙසඟනක සේ නුඹට මුදල් ලබාගැනීමේ ආශාවක් නැත. Sinhala New Revised Version 2018 එසේ ය, නුඹේ සියලු මාර්ගවල නුඹ යහන් තනාගෙන සියලු වීදිවල නුඹේ කඳු මත පූජාස්ථාන සාදාගත්තෙහි ය. එහෙත්, සාමාන්‍ය වෙසඟනක සේ නුඹට මුදල් ලබාගැනීමේ ආශාවක් නැත. |
මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිකමට විකුණන ලද්දහුය; මිල නැතුව නුඹලා මුදනු ලබන්නහුය.
තවද මම නුඹ ඔවුන් අතට දෙන්නෙමි, ඔවුන් නුඹේ [වේශ්‍යා] මහල කඩාදමා, නුඹේ උස්තැන් හෙළාදමා, නුඹේ වස්ත්‍ර ලිහාදමා, නුඹේ අලංකාර ආභරණ රැගෙන නුඹ නිර්වස්ත්‍රකොට නග්නකරනවා ඇත.
මමද කථාකොට: නුඹලා යන උස්තැන කිමෙක්දැයි ඔවුන්ට කීමි. ඊට බාමා යන නම අද දවස දක්වා කියති.
ගිලියද් අයුතුකමද? ඔව්හු සහමුලින්ම නිෂ්ඵලකමය; ඔව්හු ගිල්ගල්හිදී ගොනුන් පූජාකරති. එසේය, ඔවුන්ගේ පූජාසනද කෙතේ හීවිටි පිට තිබෙන ගල්ගොඩවල් මෙන්ය.