ඔවුන් මා අත්හැර, අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකර, තමුන්ගේ අත්වල වැඩට නමස්කාරකළ බැවින්, ඔවුන්ගේ සියලු නපුරුකම් ගැන මම ඔවුන්ට විරුද්ධව මාගේ විනිශ්චයන් ප්‍රකාශකරන්නෙමි.
එසකියෙල් 16:18 - Sinhala Revised Old Version නුඹේ විසිතුරු වස්ත්‍රවලින් නුඹ ඒවා වසා, මාගේ තෙල්ද මාගේ සුගන්ධ ද්‍රව්‍යයද ඒවා ඉදිරියෙහි තැබුවෙහිය. Sinhala New Revised Version නුඹේ විසිතුරු වස්ත්‍රවලින් නුඹ ඒවා වසා, මාගේ තෙල් ද මාගේ සුගන්ධ ද්‍රව්‍ය ද ඒවා ඉදිරියෙහි පූජා කෙළෙහි ය. Sinhala New Revised Version 2018 නුඹේ විසිතුරු වස්ත්‍රවලින් නුඹ ඒවා වසා, මාගේ තෙල් ද මාගේ සුගන්ධ ද්‍රව්‍ය ද ඒවා ඉදිරියෙහි පූජා කෙළෙහි ය. |
ඔවුන් මා අත්හැර, අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකර, තමුන්ගේ අත්වල වැඩට නමස්කාරකළ බැවින්, ඔවුන්ගේ සියලු නපුරුකම් ගැන මම ඔවුන්ට විරුද්ධව මාගේ විනිශ්චයන් ප්‍රකාශකරන්නෙමි.
නෝවාද දානියෙල්ද යෝබ්ද යන මේ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත්, ඔවුන් තමුන්ගේ ධර්මිෂ්ඨකමින් තමුන්ගේම ප්‍රාණ පමණක් ගළවාගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
විසිතුරු වස්ත්‍ර මම නුඹට හඳවා, තහෂ් හම්වලින්වූ වහන් නුඹට දමා, සිහින් හණ රෙදි පිළියෙන් කටිය බැඳ, පටරෙදිවලින් නුඹ වැසුවෙමි.
මා නුඹට දුන්නාවූ මාගේ රන් රිදීවලින් සෑදූ නුඹේ ලක්ෂණ ආභරණ රැගෙන පුරුෂයන්ගේ රූප සාදාගෙන, ඒවා සමඟ වේශ්‍යාකම්කෙළෙහිය;
කන්ට මා විසින් නුඹට දුන්නාවූ මාගේ කෑම වන සිහින් පිටිද තෙල්ද මීපැණිද නුඹ මිහිරි සුවඳ පිණිස ඒවා ඉදිරියෙහි තැබුවෙහිය, මෙසේ වුණායයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
නුඹේ බොහෝ කර්මාන්ත නිසා සිරිය නුඹේ වෙළෙන්දෙක්ව සිටියාය. ඔව්හු රතුකැටවලින්ද රත්නිල් රෙදිවලින්ද විසිතුරු රෙදිවලින්ද සිහින් රෙදිවලින්ද පබළුවලින්ද ලෝහිතංකවලින්ද නුඹ සමඟ ගනුදෙනුකළෝය.
ඈද ඇගේ ප්‍රේමවන්තයන් පස්සේ දුවන නුමුත් ඔවුන් කරා නොපැමිණෙන්නීය; ඈ ඔවුන් සොයන නුමුත් ඔව්හු ඈට සම්බ නොවන්නෝය. එවිට ඈ කථාකොට: මාගේ පළමු පුරුෂයා ළඟට හැරීයන්නෙමි; මක්නිසාද දැනට වඩා ඒ කාලය මට යහපත්ව තිබුණේයයි කියන්නීය.
ඔවුන් විශ්වාසකළ පර්වතය වන ඔවුන්ගේ දෙවිවරු කොතැනද? ඔව්හු නැගිට නුඹලාට උපකාරකොට නුඹලාගේ ආවරණය වෙත්වා.