එසකියෙල් 11:11 - Sinhala Revised Old Version මේ නුවර නුඹලාගේ හැළිය නොවන්නේය, නුඹලා මෙය තුළ මාංසයද නොවන්නහුය; ඉශ්‍රායෙල් සීමාවේදී නුඹලා විනිශ්චයකරන්නෙමි; Sinhala New Revised Version මේ නුවර නුඹලාගේ කල්දේරම නොවන්නේ ය. නුඹලා එය තුළ මාංසය ද නොවන්නහු ය. ඉශ්රායෙල් දේශ සීමාවේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි. එවිට මා ස්වාමීන් බව නුඹලා දැනගන්නහු ය. Sinhala New Revised Version 2018 මේ නුවර නුඹලාගේ කල්දේරම නොවන්නේ ය. නුඹලා එය තුළ මාංසය ද නොවන්නහු ය. ඉශ්රායෙල් දේශ සීමාවේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි. එවිට මා ස්වාමීන් බව නුඹලා දැනගන්නහු ය. |
කැරළිකාර වංශයට උපමාවක් කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න–හැළිය ලිපේ තබන්න; ඒක තබා වතුරත් එහි වත්කරන්න.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ලේ වගුරුවන නුවරට දුක්වේ! ඒක මලකඩ ඇති හැළියක්ය, ඒකේ මලකඩ ඒකෙන් ඇරිලා නැත; ඒකේ සෑම කෑලි පිටින්ම එය ඇර දමන්න. ඊට කිසි පසඇටයක් වැටුණේ නැත.