එසකියෙල් 10:12 - Sinhala Revised Old Version ඔවුන්ගේ මුළු ශරීරවලද ඔවුන්ගේ පිටවල්වලද අත්වලද පියාපත්වලද රෝදවලද වටකර පුරාම ඇස් තිබුණේය, ඒ සතර දෙනාටත් ඔවුන්ගේ රෝදවලටත් එසේ තිබුණේය. Sinhala New Revised Version ඔවුන්ගේ මුළු ශරීරවල ද ඔවුන්ගේ පිටවල ද අත්වල ද පියාපත්වල ද රෝදවල ද වටකර පුරා ම ඇස් තිබුණේ ය. ඒ සතර දෙනාටත්, ඔවුන්ගේ රෝදවලටත් එසේ ම ඇස් තිබුණේ ය. Sinhala New Revised Version 2018 ඔවුන්ගේ මුළු ශරීරවල ද ඔවුන්ගේ පිටවල ද අත්වල ද පියාපත්වල ද රෝදවල ද වටකර පුරා ම ඇස් තිබුණේ ය. ඒ සතර දෙනාටත්, ඔවුන්ගේ රෝදවලටත් එසේ ම ඇස් තිබුණේ ය. |
සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමානවූ වීදුරු සමුද්‍රයක් වැනි පෙනීමක් විය; සිංහාසනය මධ්‍යයෙහිත් සිංහාසනය අවටත් ඉස්සරහින්ද පස්සෙන්ද ඇස්වලින් පිරුණාවූ ජීවමාන සත්වයන් සතර දෙනෙක් සිටියෝය.
එක එකාට පියාපත් සයක් බැගින් තිබුණාවූ ඒ ජීවමාන සත්වයන් සතරදෙනා අවටද ඇතුළතද ඇස් පුරාම තිබුණේය. ඔව්හුද: සිටියාවූ සිටින්නාවූ මතු සිටින්නාවූ සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධයයි රෑ දාවල් නොනැවතී කියති.