ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 10:11 - Sinhala Revised Old Version

ඒවා යන කල නොහැරී ඒවායේ සතර පැති දෙසට ගියෝය; ඒවා යන කල නොහැරී හිස තිබෙන දිශාවටම ඒ පස්සේ ගියෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

කෙරුබ්වරුන් සතර දිශාවෙන් එක දිශාවකට ගමන් ගත් විට ඔව්හු යන මාර්ගයෙන් අන් අතකට නොහැරුණෝ ය. මාර්ගයෙන් පිට නොපැන ඔවුන්ගේ හිස් හැරී තිබුණ දෙසට ඔව්හු කෙළින් ම ගමන් කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

කෙරුබ්වරුන් සතර දිශාවෙන් එක දිශාවකට ගමන් ගත් විට ඔව්හු යන මාර්ගයෙන් අන් අතකට නොහැරුණෝ ය. මාර්ගයෙන් පිට නොපැන ඔවුන්ගේ හිස් හැරී තිබුණ දෙසට ඔව්හු කෙළින් ම ගමන් කළහ.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 10:11
6 හුවමාරු යොමු  

ඒවා යන විට නොහැරී ඒවායේ පැති සතරේ ප්‍රකාරයට ගියේය.


ආත්මය යන්ට සිටි කොයි තැනකට නුමුත් ඔව්හු ගියෝය; ආත්මය යන්ට කැමැතිවූ ස්ථානයකට චක්‍රත් ඔවුන් එක්වම නැංගේය; මක්නිසාද සත්වයාගේ ආත්මය චක්‍රවල තිබුණේය.


ඔවුන්ගේ සතර පැතිවල ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් තිබුණේය. ඒ සතරදෙනාගේ මුහුණු සහ පියාපත්ද මෙසේය:


ඒ සතරටම තිබුණේ එකාකාර ස්වරූපයක්ය, ඒවායේ පෙනීම වනාහි රෝදයක් තුළ රෝදයක් තිබෙන්නාක්මෙන්ය.


ඔවුන්ගේ මුහුණුවල ස්වරූපයේ හැටියට ඒවායේ පෙනීමත් ඒවාත් මා කෙබාර් ගඟ ළඟදී දුටු මුහුණුය; ඔව්හු එකිනෙකා කෙළින්ම ඉස්සරහට ගියෝය.