එසකියෙල් 1:14 - Sinhala Revised Old Version ඒ සත්වයෝ විදුලි කෙටීමක පෙනීම මෙන් දිවගොස් හැරී ආවෝය. Sinhala New Revised Version විදුලිය දහරක් සේ ඒ ජීවමාන සත්ත්වයෝ ඔබමොබ දිව්වෝ ය. Sinhala New Revised Version 2018 විදුලිය දහරක් සේ ඒ ජීවමාන සත්ත්වයෝ ඔබමොබ දිව්වෝ ය. |
එසේය, මා යාච්ඤාවෙන් කථාකරද්දීම පළමු මා දර්ශනයෙන් දුටු මනුෂ්‍යයාවූ ගාබ්‍රියෙල් යුහුව ගමන්කොට, සවස් පූජාවේ වේලාවට පමණ මා ළඟට පැමිණියේය.
මක්නිසාද කුඩා දේවල දවස හෙළාදැක්කේ කවුද? මේ සත වන ස්වාමීන්වහන්සේගේ ඇස් තුමූ සෙරුබ්බාබෙල්ගේ අතේ ලඹකැටය තිබෙනවා දැක ප්‍රීතිවන්නෝය; ඒවා පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවතියි කීය.
මක්නිසාද යම්සේ විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා පෙනේද, මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එසේම වන්නේය.
උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවනසේක, ඔව්හු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරන්නෝය.
එවිට උන්වහන්සේ තමන් දූතයන් යවා, පොළොවේ කෙළවර පටන් අහසේ කෙළවර දක්වා සතර දිගින් තමන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරවනවා ඇත.
මක්නිසාද ආකාශයේ එක් දිසාවකින් නික්මෙන විදුලිය ආකාශයේ අනික් දිසාව දක්වා බැබළෙන්නාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයා තමන් දවසේදී වන්නේය.