තවද දෙවියන්වහන්සේ: මා සහ නුඹලාද නුඹලා සමඟ සිටින්නාවූ සියලු පණ ඇති සත්වයන්ද අතරෙහි සියලු පරම්පරාවලට මා විසින් කරන මාගේ ගිවිසුමේ ලකුණනම් මේය:
උත්පත්ති 9:17 - Sinhala Revised Old Version තවද දෙවියන්වහන්සේ: මාද පොළොවෙහි සිටින මාංසමයවූ සියල්ලන්ද අතරෙහි මා විසින් පිහිටුවනලද ගිවිසුමේ ලකුණමේයයි නෝවාට කීසේක. Sinhala New Revised Version දෙවියන් වහන්සේ නෝවාට කතා කොට, “මා හා මිහි පිට සියලු ජීවමාන සතුන් අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ මේ ය”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේ නෝවාට කතා කොට, “මා හා මිහි පිට සියලු ජීවමාන සතුන් අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ මේ ය”යි වදාළ සේක. |
තවද දෙවියන්වහන්සේ: මා සහ නුඹලාද නුඹලා සමඟ සිටින්නාවූ සියලු පණ ඇති සත්වයන්ද අතරෙහි සියලු පරම්පරාවලට මා විසින් කරන මාගේ ගිවිසුමේ ලකුණනම් මේය:
දුන්න වලාකුළෙහි වන්නේය; දෙවියන්වහන්සේ හා පොළොව පිට සියලු ආකාර මාංසමයවූ හැම පණ ඇති සත්වයන් අතරෙහි ඇත්තාවූ සදාකාල ගිවිසුම සිහිවන පිණිස මම දුන්න දෙස බලන්නෙමියි කීසේක.
තවද නැවෙන් පිටතට ගියාවූ නෝවාගේ පුත්‍රයෝනම්: ෂෙම්, හාම් සහ යඵෙත්ය. හාම් කානාන්ගේ පියාය.