ඒ ඒ වර්ගයේ පක්ෂීන්ගෙන්ද ඒ ඒ වර්ගයේ සිව්පාවුන්ගෙන්ද භූමියේ බඩගා යන ඒ ඒ වර්ගයේ සියල්ලන්ගෙන්ද පණ ඇතුව තබාගන්න පිණිස සියලු වර්ගවලින්ම දෙදෙනෙක් බැගින් නුඹ වෙතට පැමිණෙන්නෝය.
උත්පත්ති 7:3 - Sinhala Revised Old Version ආකාශ පක්ෂීන්ගෙනුත් ගෑනු පිරිමි සතුන් සත් සත් දෙනෙකු බැගින්ද නුඹ වෙතට ගන්න. Sinhala New Revised Version ආකාශ පක්ෂීන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද රැගෙන යන්න. Sinhala New Revised Version 2018 ආකාශ පක්ෂීන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද රැගෙන යන්න. |
ඒ ඒ වර්ගයේ පක්ෂීන්ගෙන්ද ඒ ඒ වර්ගයේ සිව්පාවුන්ගෙන්ද භූමියේ බඩගා යන ඒ ඒ වර්ගයේ සියල්ලන්ගෙන්ද පණ ඇතුව තබාගන්න පිණිස සියලු වර්ගවලින්ම දෙදෙනෙක් බැගින් නුඹ වෙතට පැමිණෙන්නෝය.
මුළු පොළෝතලයෙහි සත්වයන් පවතින පිණිස සියලු පවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් සත් සත් දෙනෙකු බැගින්ද අපවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් දෙදෙනෙකු බැගින්ද
මක්නිසාද තව සත් දවසකින් දහවල් සතළිසක්ද රෑ සතළිසක්ද පොළොව පිට වැසි වස්වන්නෙමි; මා විසින් සාදනලද ජීවමාන සියල්ල භූමිය මතුපිටින් නැතිකරදමන්නෙමියි කීසේක.
පවිත්‍ර මෘගයන්ගෙන්ද අපවිත්‍ර මෘගයන්ගෙන්ද පක්ෂීන්ගෙන්ද භූමියෙහි බඩගා යන සියල්ලන්ගෙන්ද ගෑනු පිරිමි සතුන්
නෝවා ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා සියලු පවිත්‍ර සිව්පාවුන්ගෙන්ද සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද රැගෙන පූජාසනය පිට දවන පූජා පිදුවේය.