තවද දෙවියන්වහන්සේ ඉතා මහත් ජලචර සත්වයන්ද ඒ ඒ වර්ගලෙස ජලයෙහි බොහෝසෙයින් හටගත්තාවූ එහි හැසිරෙන පණ ඇති සියලු සත්වයන්ද ඒ ඒ වර්ග ලෙස පියාපත් ඇති සියලු පක්ෂීන්ද මැවූසේක.
උත්පත්ති 7:14 - Sinhala Revised Old Version ඔව්හුද එක එක වර්ගයේ සියලු මෘගයෝද එක එක වර්ගයේ සියලු සිව්පාවෝද එක එක වර්ගයේ පොළොවෙහි බඩගා යන සියල්ලෝද එක එක වර්ගයේ සියලු පක්ෂීහුද සියලු වර්ගවල සියලු කුරුල්ලෝද ඇතුල්වූවෝය. Sinhala New Revised Version ඔවුන් සමඟ සෑම වර්ගයේ වන මෘගයෝ ද ගවමහිෂයෝ ද උරගයෝ ද පක්ෂීහු ද පියාපත් සහිත සත්තු ද නැවට ඇතුළු වූ හ. Sinhala New Revised Version 2018 ඔවුන් සමඟ සෑම වර්ගයේ වන මෘගයෝ ද ගවමහිෂයෝ ද උරගයෝ ද පක්ෂීහු ද පියාපත් සහිත සත්තු ද නැවට ඇතුළු වූ හ. |
තවද දෙවියන්වහන්සේ ඉතා මහත් ජලචර සත්වයන්ද ඒ ඒ වර්ගලෙස ජලයෙහි බොහෝසෙයින් හටගත්තාවූ එහි හැසිරෙන පණ ඇති සියලු සත්වයන්ද ඒ ඒ වර්ග ලෙස පියාපත් ඇති සියලු පක්ෂීන්ද මැවූසේක.
දෙවියන්වහන්සේ: පොළොව වනාහි ඒ ඒ වර්ග ලෙස තිරිසනුන්ද බඩගා යන ජාතීන්ද පොළොවේ මෘගයන්ද යන ජීවමාන සත්වයන් ඒ ඒ වර්ග ලෙස හටගන්වාවයි කීසේක. ඒ එසේ විය.
තවද මාංසමයවූ පණ ඇති සියල්ලන්ගෙන් නුඹ සමඟ පණ ඇතුව තබා ගන්න පිණිස එක එක වර්ගයේ ගෑනු පිරිමි දෙදෙනෙකු බැගින් නැවට ගෙනියන්න.
එම දවසෙහිම නෝවාද නෝවාගේ පුත්‍රයන්වූ ෂෙම්, හාම් සහ යඵෙත්ද නෝවාගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන් සමඟ ඔවුන්ගේ භාර්යාවන් තුන්දෙනාද නැවට ඇතුල්වූවෝය;
මෙසේ ජීවන හුස්ම ඇති මාංසමය සියල්ලන්ගෙන් දෙන්න දෙන්නා බැගින් නෝවා වෙත නැවට ඇතුල්වූවෝය.