ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 50:4 - Sinhala Revised Old Version

ඔහු ගැන වැලපීමේ දවස් ඉකුත්වූ කල්හි යෝසෙප් ඵාරාවෝගේ ගෙයි වැසියන්ට කථාකොට: නුඹලාගෙන් මට කරුණාව ලැබී තිබේනම් නුඹලා ඵාරාවෝට කථාකරමින් මෙසේ කියන ලෙස ඉල්ලමි–

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අවමංගල වත්පිළිවෙත් අවසාන වූ විට ජෝසෙප් පාරාවෝගේ නිලධාරීන් අමතා, “දැන් ඉතින් ඔබ මට කරුණාව පාන්නහු නම්, කරුණාකර, පාරාවෝට මේ පණිවුඩය යවන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අවමංගල වත්පිළිවෙත් අවසාන වූ විට ජෝසෙප් පාරාවෝගේ නිලධාරීන් අමතා, “දැන් ඉතින් ඔබ මට කරුණාව පාන්නහු නම්, කරුණාකර, පාරාවෝට මේ පණිවුඩය යවන්න.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 50:4
4 හුවමාරු යොමු  

මාගේ ස්වාමීනි, ඔබ ඉදිරියෙහි දැන් මම කරුණාව ලැබුයෙම්නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි.


ඔව්හු ඔහු උදෙසා සතළිස් දවසක් සම්පූර්ණකළෝය; මක්නිසාද සුවඳ ද්‍රව්‍ය ගැල්වීමට එපමණ දවස් ගතකරත්. මිසරවරුද ඔහු ගැන සැත්තෑ දවසක් වැලපුණෝය.


මාගේ පියා මට කථාකර: බලව, මම නසිමි. කානාන් දේශයෙහි මා විසින් මට හාරා තිබෙන මාගේ සොහොන්ගෙයි මා තැන්පත්කළ යුතුය කියා මා දිවුරෙවුවේය. එබැවින් දැන් ගොස් මාගේ පියා තැන්පත් කිරීමට මට අවසර ලැබේවා, මම නැවත එන්නෙමියි කියන්නැයි කීවේය.


රජවාසල ඉදිරිපිටටම පැමුණුණේය. රජවාසලට වනාහි ගෝණි රෙදි හැඳගෙන කිසිවෙකුට ඇතුල්වෙන්ට අවසර නැත.