ඔහුගේ සිත යාකොබ්ගේ දූවූ දීනා කෙරෙහි ඇලුම්විය, ඔහු ඒ තරුණියට ආදරව ඈට කරුණාවන්ත ලෙස කථාකෙළේය.
උත්පත්ති 50:21 - Sinhala Revised Old Version එබැවින් භය නොවන්න. මම නුඹලා සහ නුඹලාගේ දරුවන්ද පෝෂ්‍යකරන්නෙමියි කීවේය. මෙසේ ඔහු ඔවුන් සනසා කරුණාවෙන් ඔවුන්ට කථාකෙළේය. Sinhala New Revised Version එබැවින් දැන් ඉතින් බිය නොවන්න, මම ඔබ ද ඔබේ කුඩා දරුවන් ද නඩත්තු කරන්නෙමි”යි, ඔවුන් සනසමින්, ඔවුන් අමතා කාරුණික ලෙස කතා කෙළේ ය. Sinhala New Revised Version 2018 එබැවින් දැන් ඉතින් බිය නොවන්න, මම ඔබ ද ඔබේ කුඩා දරුවන් ද නඩත්තු කරන්නෙමි”යි, ඔවුන් සනසමින්, ඔවුන් අමතා කාරුණික ලෙස කතා කෙළේ ය. |
ඔහුගේ සිත යාකොබ්ගේ දූවූ දීනා කෙරෙහි ඇලුම්විය, ඔහු ඒ තරුණියට ආදරව ඈට කරුණාවන්ත ලෙස කථාකෙළේය.
නුඹලා මේ රටට මා වික්ක නිසා ශෝකනොවන්න, නුඹලාටම කෝපනොවන්න. මක්නිසාද දෙවියන්වහන්සේ ජීවිත ආරක්ෂාකරන පිණිස නුඹලට පෙරටුව මා එවූසේක.
යෝසෙප් තමාගේ පියාට සහ සහෝදරයන්ටද පියාගේ ගෙයි වැසි සියල්ලන්ටද ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ආහාර දී ඔවුන් රක්ෂාකළේය.
හෙසකියා ස්වාමීන්වහන්සේගේ මෙහෙය ගැන සමර්ථකම ඇති සියලු ලෙවීවරුන්ට මිත්‍රකමින් කථාකෙළේය. ඔව්හු ශාන්ති පූජා ඔප්පුකරමින්ද තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින්ද සත් දවසක් මංගල්‍ය පූජාවලින් කෑවෝය.
යෙරුසලමට කරුණාවෙන් කථාකොට: ඇගේ සටන කෙළවරවීයයි කියාද ඇගේ වරද ගෙවී ගියේය කියාද ඇගේ සියලු පාපවලට ස්වාමීන්වහන්සේ අතින් ඈට දෙගුණයක් ලැබුණේය කියාද ඈට මොරගසා කියන්න.
නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;
මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ නුඹලාටත් කමාකරනසේක.
කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත්වූ දේ කරන්න.
නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න.
එවිට ඇගේ පුරුෂයා කරුණාවෙන් කථාකොට නැවත ඈ ගෙනෙන පිණිස තමාගේ වැඩකාරයාද කොටළුවන් දෙන්නෙක්ද සමඟ ඈ කරා ගියේය. ඈ තමාගේ පියාගේ ගෙට ඔහු කැඳවා ගෙනාවාය. යෞවනියගේ පියා ඔහු දැක ඔහු සම්බවුණාට ප්‍රීතිවිය.