උන්වහන්සේ ඔහු පිටතට කැඳවා: අහස දෙස බලා තාරකා ගණන්කළ හැකි නම් ඒවා ගණන් කරන්නැයි කීසේක; නුඹේ වංශයද එසේම වන්නේයයි ඔහුට කීසේක.
උත්පත්ති 49:33 - Sinhala Revised Old Version යාකොබ් තමාගේ පුත්‍රයන්ට අණකර නිමකළ කල්හි තමාගේ පාද යහනට ඔසවාගෙන ප්‍රාණය හැර තමාගේ සෙනඟට එකතුවුණේය. Sinhala New Revised Version මෙසේ ජාකොබ් තම පුතුන්ට උපදෙස් දී නිම කළ කල්හි, ඔහු තම පාද යහනට ගෙන, අවසන් හුස්ම හෙළා තම සෙනඟට එක් විය. Sinhala New Revised Version 2018 මෙසේ ජාකොබ් තම පුතුන්ට උපදෙස් දී නිම කළ කල්හි, ඔහු තම පාද යහනට ගෙන, අවසන් හුස්ම හෙළා තම සෙනඟට එක් විය. |
උන්වහන්සේ ඔහු පිටතට කැඳවා: අහස දෙස බලා තාරකා ගණන්කළ හැකි නම් ඒවා ගණන් කරන්නැයි කීසේක; නුඹේ වංශයද එසේම වන්නේයයි ඔහුට කීසේක.
ඉෂ්මායෙල්ගේ ජීවිතයේ අවුරුදු ගණන නම් එකසිය තිස් හත් අවුරුද්දක්ය. ඔහු ප්‍රාණය හැර නැසී තම සෙනඟට එකතුවුණේය.
ආබ්‍රහම් හොඳ මහලු වයසේදී, වෘද්ධයෙක්ව, වයසින් පූර්ණව, ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය.
ඊසාක්ද මහලුව දවස් සම්පූර්ණව ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය. ඔහුගේ පුත්‍රයෝවූ ඒසව්ද යාකොබ්ද ඔහු තැන්පත්කළෝය.
එවිට යාකොබ් තමාගේ පුත්‍රයන් කැඳවා: මතු කාලයේදී නුඹලාට පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට දන්වන පිණිස රැස්වෙන්න.
ඔහු ඔවුන්ට අණකරමින්: මම මාගේ සෙනඟට එකතුවන්නෙමි. හිත්තීයවූ එප්‍රොන්ගේ කෙතෙහි තිබෙන ගුහාවේ එනම් කානාන් දේශයෙහි මම්රේ ඉදිරිපිට මක්පේලායේ කෙතෙහි තිබෙන,
එලිෂාට තමාගේ මරණීය ලෙඩේ වැළඳුණුවිට ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ් ඔහු වෙතට ගොස් ඔහු ළඟ සිටගන අඬා: මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි, ඉශ්‍රායෙල්වරුන්ගේ රථ සහ ඔවුන්ගේ අසරුවෝයයි කීය.
එලිෂා මැරී තැන්පත්කරනු ලැබුවේය. ඊළඟ අවුරුද්දේ මෝවබ්වරුන්ගේ හමුදාවල් දේශයට ඇතුල්වූවෝය.
ගොයම් මිටියක් නියම කාලයේදී ගෙනයනු ලබන්නාක්මෙන් නුඹ වයසින් පූර්ණව සොහොනට පැමිණෙන්නෙහිය.
දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරීයන්ටත්, ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරීයන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහිකරන්න.
යෝසෙප් තමාගේ අන්තිමය ළංවූ කල, ඇදහිල්ලෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිටත්ව යැම සඳහන්කොට, තමාගේ ඇට ගැන අණදුන්නේය.
ස්වර්ගයෙහි නාම ලියා තිබෙන කුලුඳුලන්ගේ මහ රැස්වීමට හා සභාවටත්, සියල්ලන්ගේ විනිශ්චයකාරවූ දෙවියන්වහන්සේද සම්පූර්ණකරනලද ධර්මිෂ්ඨයන්ගේ ආත්මද,