ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 47:18 - Sinhala Revised Old Version

ඒ අවුරුද්ද කෙළවරවූ කල්හි ඔව්හු දෙවෙනි අවුරුද්දේදී ඔහු වෙතට අවුත්: අපේ මුදල් සියල්ල ඉවරවූ බව අපේ ස්වාමීන් කෙරෙන් නොසඟවමුව; සිව්පා රැළවල් අපේ ස්වාමීන්ගේය; අපේ ස්වාමීන් ඉදිරියෙහි අපේ ශරීර සහ අපේ ගම් බිම් හැර අන් කිසිවක් ඉතුරුව නැත්තේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ අවුරුද්ද අවසාන වූ විට, දෙ වන අවුරුද්දේ දී ඔව්හු වෙත අවුත්, ඔහුට කතා කොට, “ස්වාමීනි, ඔබෙන් කරුණු සැඟවීමට නම් බැරි ය; අපේ මුදල් ඉවර ය; අපේ ගව පට්ටි ද ස්වාමීන් සතු ය. අපගේ ශරීර හා ගම්බිම් ඇරෙන්න වෙන කිසිවක් ස්වාමීන් ඉදිරියෙහි අපට නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒ අවුරුද්ද අවසාන වූ විට, දෙ වන අවුරුද්දේ දී ඔව්හු ඔහු වෙත අවුත්, ඔහුට කතා කොට, “ස්වාමීනි, ඔබෙන් කරුණු සැඟවීමට නම් බැරි ය; අපේ මුදල් ඉවර ය; අපේ ගව පට්ටි ද ස්වාමීන් සතු ය. අපගේ ශරීර හා ගම්බිම් ඇරෙන්න වෙන කිසිවක් ස්වාමීන් ඉදිරියෙහි අපට නැත.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 47:18
4 හුවමාරු යොමු  

ඔව්හු තමන්ගේ සිව්පාවුන් යෝසෙප් වෙතට ගෙනාවෝය. එවිට යෝසෙප් අශ්වයන්ද එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද කොටළුවන්ද හිලව්වට ඔවුන්ට ආහාර දුන්නේය. ඔහු ඒ අවුරුද්දේ ඔවුන්ගේ සියලු සිව්පාවුන් හිලව්වට ආහාරයෙන් ඔවුන් රක්ෂාකෙළේය.


අප සහ අපේ ගම්බිම් කුමක් නිසා ඔබගේ ඇස් ඉදිරියෙහි නාස්තිවී යන්නේද? අපද අපේ ගම්බිම්ද ගෙන ආහාර දුන මැනවි; අපේ ගම්බිම් ඇතුළුව අපි ඵාරාවෝට දාසයෝ වන්නෙමු. අප නොනැසී ජීවත්වන පිණිසද භූමිය පාළු නොවන පිණිසද අපට බීජ දුනමැනවයි කීවෝය.


ඉශ්‍රායෙල් රජු පවුර පිට යන කල ස්ත්‍රියක්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, පිහිටවුවමැනවැයි කියා මොරගැසුවාය.


මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මේ මනුෂ්‍යයන් විසින් වළේ දැමූ අනාගතවක්තෘවූ යෙරෙමියාට ඔවුන් කළ සියල්ල නපුරුය; ඔහු සිටින තැනදී බඩගින්නෙන් මැරෙනවා ඇත. මක්නිසාද නුවර තවත් කෑමට රොටි නැතැයි කීය.