ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 46:30 - Sinhala Revised Old Version

එවිට ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: මා ඔබගේ මුහුණ දැක ඔබ තවම ජීවත්ව සිටින බව දැනගත් බැවින් ඉතින් මට මරණය පැමුණුණාවේයයි යෝසෙප්ට කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ජාකොබ් ජෝසෙප්ට කතා කොට, “ඔබේ මූණ දැක ඔබ තව ම ජීවත් ව සිටින බව දුටු හෙයින් දැන් ඉතින් මා මළත් කම් නැතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට ජාකොබ් ජෝසෙප්ට කතා කොට, “ඔබේ මූණ දැක ඔබ තව ම ජීවත් ව සිටින බව දුටු හෙයින් දැන් ඉතින් මා මළත් කම් නැතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 46:30
4 හුවමාරු යොමු  

ඉතින් ඇත; මාගේ පුත්‍රවූ යෝසෙප් තවම ජීවත්ව සිටියි. නහින්ට පළමුවෙන් ගොස් මම ඔහු දක්නෙමියි ඉශ්‍රායෙල් කීවේය.


යෝසෙප් තමාගේ රථය සූදානම්කොට තමාගේ පියවූ ඉශ්‍රායෙල් සම්මුඛවෙන පිණිස ගෝෂෙන්ට ගියේය; ඔහු ඉදිරියට පැමිණ, ඔහුගේ බෙල්ල වැලඳගෙන, ඔහුගේ බෙල්ලට හාන්සිවී, බොහෝ වේලා හැඬුවේය.


යෝසෙප් තමාගේ සහෝදරයන්ටද තම පියාගේ ගෙයි වැසියන්ටද කථාකොට: මම ඵාරාවෝ වෙතට ගොස්: කානාන් දේශයෙහි සිටියාවූ මාගේ සහෝදරයෝත් මාගේ පියාගේ ගෙයි වැසියෝත් මා වෙතට ඇවිත් සිටිති;