ඔව්හු කානාන් දේශයට තමන්ගේ පියවූ යාකොබ් වෙතට අවුත් තමන්ට සිදුවූ සියල්ල ඔහුට දන්වමින්:
උත්පත්ති 45:25 - Sinhala Revised Old Version ඔව්හු මිසරයෙන් නික්ම ගොස් කානාන් දේශයෙහි තමන්ගේ පියවූ යාකොබ් වෙතට පැමිණියෝය. Sinhala New Revised Version ඔව්හු මිසරයෙන් පිටත් ව කානාන් දේශයට අවුත් තම පියා වන ජාකොබ් වෙත පැමිණ, Sinhala New Revised Version 2018 ඔව්හු මිසරයෙන් පිටත් ව කානාන් දේශයට අවුත් තම පියා වන ජාකොබ් වෙත පැමිණ, |
ඔව්හු කානාන් දේශයට තමන්ගේ පියවූ යාකොබ් වෙතට අවුත් තමන්ට සිදුවූ සියල්ල ඔහුට දන්වමින්:
මෙසේ ඔහු තමන් සහෝදරයන් හැරියේය, ඔව්හු පිටත්ව ගියෝය. තවද: මගදී ඩබරනොකරන්ට බලාගන්නැයි ඔහු ඔවුන්ට කීවේය.
තවද ඔව්හු: යෝසෙප් තවම ජීවත්ව සිටියි, ඔහු මුළු මිසර දේශයට ආණ්ඩුකාරයායයි ඔහුට කීවෝය. ඔහුගේ සිත ක්ලාන්තවිය, මක්නිසාද ඔහු ඔවුන් කී දේ විශ්වාස කළේ නැත.