නවාතැන්පළේදී ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාගේ කොටළුවාට ගොදුරු දෙන්ට තමාගේ ගෝණිය ඇරිය කල තමාගේ මුදල් තිබෙනවා දුටීය; ඒවා ඔහුගේ ගෝණි කටෙහි තිබුණේය.
උත්පත්ති 44:11 - Sinhala Revised Old Version එවිට ඔව්හු ඉක්මන් කොට සියල්ලෝ තම තමාගේ ගෝණි බිමට බා තම තමාගේ ගෝණි ලිහුවෝය. Sinhala New Revised Version එවිට ඔව්හු කඩිනම් කොට එකිනෙකා තම තමාගේ ගෝණි බිමට බා, තම තමාගේ ගෝණි ඇරියෝ ය. Sinhala New Revised Version 2018 එවිට ඔව්හු කඩිනම් කොට එකිනෙකා තම තමාගේ ගෝණි බිමට බා, තම තමාගේ ගෝණි ඇරියෝ ය. |
නවාතැන්පළේදී ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාගේ කොටළුවාට ගොදුරු දෙන්ට තමාගේ ගෝණිය ඇරිය කල තමාගේ මුදල් තිබෙනවා දුටීය; ඒවා ඔහුගේ ගෝණි කටෙහි තිබුණේය.
ඔහුද: දැනුදු නුඹලාගේ වචන ලෙසම වේවා. ඒක යමෙකු වෙත තිබී සම්බවන්නේද ඔහු මාගේ දාසයා වන්නේය; නුඹලා නිර්දෝෂවන්නහුයයි කීවේය.
ඔහු වැඩිමහල්ලාගෙන් පටන්ගෙන බාලයා දක්වා, සෙවු කල කුසලාන බෙන්යමින්ගේ ගෝණියෙහි තිබී සම්බවිය.