මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසීමි. අප නොනැසී ජීවත්වෙන පිණිස නුඹලා එහි ගොස් එතැනින් අපට මිලේට ගන්නැයි කීවේය.
උත්පත්ති 43:4 - Sinhala Revised Old Version ඔබ අපගේ සහෝදරයා අප සමඟ යවන්නෙහි නම් අපි ගොස් ඔබට ආහාර මිලේට ගන්නෙමුව. Sinhala New Revised Version ඔබ අපේ සහෝදරයා අප සමඟ යවන්නෙහි නම්, අපි ගොස් ඔබට ආහාර මිලයට ගන්නෙමු. Sinhala New Revised Version 2018 ඔබ අපේ සහෝදරයා අප සමඟ යවන්නෙහි නම්, අපි ගොස් ඔබට ආහාර මිලයට ගන්නෙමු. |
මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසීමි. අප නොනැසී ජීවත්වෙන පිණිස නුඹලා එහි ගොස් එතැනින් අපට මිලේට ගන්නැයි කීවේය.
ඔවුන් මිසරයෙන් ගෙනාවාවූ ධාන්‍ය කාලා ඉවර වූ කල ඔවුන්ගේ පියා ඔවුන්ට කථාකොට: නැවත ගොස් අපට ආහාර ටිකක් මිලේට ගනිල්ලායයි කීවේය.
යූදා ඔහුට කථාකොට: නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් මාගේ මුහුණ දකින්නේ නැතැයි ඒ මනුෂ්‍යතෙමේ අපට සත්තකකොට කීවේය.
එහෙත් ඔබ ඔහු නොයවන්නෙහිනම් අපි නොයමුව. මක්නිසාද ඒ මනුෂ්‍යතෙමේ–නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් මාගේ මුහුණ දකින්නේ නැතැයි අපට කීයේයයි කීය.
එවිට අපි–අපට යන්ට බැරිය. අපේ බාල සහෝදරයා අප සමඟ යන්නේ නම් යමුව. මක්නිසාද අපේ බාල සහෝදරයා අප සමඟ නොගියොත් ඒ මනුෂ්‍යයාගේ මුහුණ දකින්ට අපට අවසර නොලැබෙන්නේයයි කීමුව.