නුමුත් ඔහු: මාගේ පුත්‍රයා නුඹලා සමඟ නොයන්නේය; මක්නිසාද ඔහුගේ සහෝදරයා මෙළේය, ඉතිරිව සිටින්නේ මොහු පමණක්ය. ඉදින් නුඹලා යන මාර්ගයේදී ඔහුට අනතුරක් වුණොත් එයින් නුඹලා මාගේ පැසුණු කෙස් ශෝකයෙන් මිනීවළට පමුණුවන්නහුයයි කීය.
උත්පත්ති 43:13 - Sinhala Revised Old Version නුඹලාගේ සහෝදරයාද කැඳවාගෙන පිටත්වී ඒ මනුෂ්‍යයා වෙතට නැවත යන්න. Sinhala New Revised Version නුඹලාගේ සොහොයුරු රැගෙන, නැඟිට ඒ මිනිසා වෙත ආපසු යන්න; Sinhala New Revised Version 2018 නුඹලාගේ සොහොයුරු රැගෙන, නැඟිට ඒ මිනිසා වෙත ආපසු යන්න; |
නුමුත් ඔහු: මාගේ පුත්‍රයා නුඹලා සමඟ නොයන්නේය; මක්නිසාද ඔහුගේ සහෝදරයා මෙළේය, ඉතිරිව සිටින්නේ මොහු පමණක්ය. ඉදින් නුඹලා යන මාර්ගයේදී ඔහුට අනතුරක් වුණොත් එයින් නුඹලා මාගේ පැසුණු කෙස් ශෝකයෙන් මිනීවළට පමුණුවන්නහුයයි කීය.
මුදල් දෙගුණයක් නුඹලාගේ අත්වල තබාගන්න; නුඹලාගේ ගෝණි කටවල තිබී ගෙනා මිල නැවත නුඹලාගේ අත්වල ගෙනයන්න; ඒක වැරදීමක් වෙන්ට ඇත.
ඒ මනුෂ්‍යයා නුඹලාගේ අනික් සහෝදරයාද බෙන්යමින්ද නුඹලාට නිදහස්කර දෙන පිණිස සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ ඔහුගෙන් නුඹලාට කරුණාව ලැබෙන්ට සලස්වනසේක්වා. මාගේ දරුවන් මා කෙරෙන් තුරන් වුණොත් මම සැබවින්ම දරුවන් නැති කෙනෙක්මෙන් වෙමියි ඔවුන්ට කීවේය.