ඔව්හු: ඔබගේ මෙහෙකරුවූ අපි සහෝදරයන් දොළොස් දෙනෙක්ය, කානාන් දේශයෙහි එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; බාල තැනැත්තේ දැනට අපගේ පියාණන් සමඟ සිටියි, එක්කෙනෙක් නැත්තේයයි කීවෝය.
උත්පත්ති 42:3 - Sinhala Revised Old Version එවිට යෝසෙප්ගේ සහෝදරයන් දසදෙනෙක් මිසරයෙන් ධාන්‍ය මිලේට ගන්නා පිණිස ගියෝය. Sinhala New Revised Version එවිට ජෝසෙප්ගේ සහෝදරයෝ දසදෙනා මිසරයේ ධාන්‍ය මිලයට ගනු පිණිස ගියහ. Sinhala New Revised Version 2018 එවිට ජෝසෙප්ගේ සහෝදරයෝ දසදෙනා මිසරයේ ධාන්‍ය මිලයට ගනු පිණිස ගියහ. |
ඔව්හු: ඔබගේ මෙහෙකරුවූ අපි සහෝදරයන් දොළොස් දෙනෙක්ය, කානාන් දේශයෙහි එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; බාල තැනැත්තේ දැනට අපගේ පියාණන් සමඟ සිටියි, එක්කෙනෙක් නැත්තේයයි කීවෝය.
මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසීමි. අප නොනැසී ජීවත්වෙන පිණිස නුඹලා එහි ගොස් එතැනින් අපට මිලේට ගන්නැයි කීවේය.
නුමුත් යාකොබ් යෝසෙප්ගේ සහෝදරවූ බෙන්යමින් ඔහුගේ සහෝදරයන් සමඟ නොයැවීය; කුමක් හෙයින්ද: සමහරවිට ඔහුට නපුරක් පැමිණෙන්ට පුළුවනැයි ඔහු කීවේය.
සාගතය කානාන් දේශයෙහි වූ බැවින් මිලේට ගන්ට ආ තැනැත්තන් අතරේ ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝද ආවෝය.