ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 41:12 - Sinhala Revised Old Version

රැකවලුන්ගේ අධිපතියාගේ මෙහෙකරුවූ හෙබ්‍රෙව් තරුණයෙක් අප සමඟ එහි සිටියේය; ඔහුට අපේ ස්වප්න කීවෙමුව, ඔහු ඒවා අපට තෝරාදුන්නේය; එක් එක්කෙනාගේ ස්වප්නයේ හැටියට තේරුම කියාදුන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, මුර සෙන්පතිගේ සේවකයෙකු වූ, හෙබ්‍රෙව් ජාතික තරුණයෙක් එහි විය. අප ඒවා ඔහුට කී විට අපගේ සිහින ඔහු අපට තේරුම් කොට දුනි. ඔහු අපට ඒවා තේරුම් කොට දුන්නේ අප එක් එක්කෙනා දුටු සිහිනයට ගැලෙපන පරිදි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, මුර සෙන්පතිගේ සේවකයෙකු වූ, හෙබ්‍රෙව් ජාතික තරුණයෙක් එහි විය. අප ඒවා ඔහුට කී විට අපගේ සිහින ඔහු අපට තේරුම් කොට දුනි. ඔහු අපට ඒවා තේරුම් කොට දුන්නේ අප එක් එක්කෙනා දුටු සිහිනයට ගැලපෙන පරිදි ය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 41:12
5 හුවමාරු යොමු  

මිදියන්වරු ඔහු මිසරයේදී ඵාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකද වූ පෝතිඵර්ට වික්කෝය.


යෝසෙප් මිසරයට ගෙනයන ලද්දේය; ඵාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකයාද වූ මිසරයෙක් වන පෝතිඵර් ඔහු එහි ගෙනගිය ඉෂ්මායෙල්වරුන්ගෙන් ඔහු මිලේට ගත්තේය.


එවිට යෝසෙප්ගේ ස්වාමියා ඔහු ගෙන රජහුගේ හිරකාරයන් බඳිනලද ස්ථානයවූ හිරගෙයි දැමීය. එහි ඔහු හිරගෙයි සිටියේය.


මේ යෞවනයන් සතරදෙනාට නම් දෙවියන්වහන්සේ සියලු ආකාර ලියවිලි ගැනත් ශාස්ත්‍ර ගැනත් දැනගැන්මද ඥානයද දුන්සේක. දානියෙල්ට සියලු දර්ශනද ස්වප්නද සම්බන්ධ තේරුම තිබුණේය.