ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 40:23 - Sinhala Revised Old Version

එසේවී නුමුත් කුසලාන දරන්නන්ගේ නායකයා යෝසෙප් සිහිනොකොට ඔහු මතක නැතිකෙළේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් කුසලාන පිරිනමන්නා නම් ජෝසෙප් ගැන නොසිතා ඔහු අමතක කර දැමී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත් කුසලාන පිරිනමන්නා නම් ජෝසෙප් ගැන නොසිතා ඔහු අමතක කර දැමී ය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 40:23
9 හුවමාරු යොමු  

සම්පූර්ණ දෑවුරුද්දක් ගතවූ කල්හි ඵාරාවෝ ස්වප්නයක් දුටීය. එනම්: ඔහු ගංගාව ළඟ සිටියේය.


එවිට කුසලාන දරන්නන්ගේ නායකයා ඵාරාවෝට කථාකරමින්: මාගේ වරද අද සිහිකරමි.


මේ ගැන මොර්දෙකයිට මොන ගරු සම්මානයක් කරනලද්දේදැයි රජු ඇසුවේය. ඔහුට කිසි දෙයක් කළේ නැතැයි රජුට සේවයකරන මෙහෙකරුවෝ කීවෝය.


මාගේ නෑයෝ අහක්වී, මාගේ හිතේසි මිත්‍රයෝ මා මතක නැතිකළෝය.


ඔහුගේ වචනය සිදුවන තෙක් ස්වාමීන්ගේ වාක්‍යය ඔහු පරීක්ෂාකෙළේය.


සිතින් තොරවූ මළ තැනැත්තෙකු මෙන් මතක් නොවී සිටිමි. බිඳුණු භාජනයක් මෙන් වෙමි.


මක්නිසාද බොහෝ දෙනෙකුගේ කෙලසුම් බස් ඇසීමි, හාත්පස භීතිය ඇත්තේය. මට විරුද්ධව එක්ව මන්ත්‍රණයකරද්දී, ඔව්හු මාගේ ජීවිතය පැහැරගන්ට උපා යෙදුවෝය.


මුද්‍රිකපාන පාත්‍රාවලින් බොන්නාවූ, ඉතා හොඳ තෙල් ආලේපකරගන්නාවූ, යෝසෙප්ගේ පීඩාව ගැන ශෝක නොවී සිටින්නාවූ අයට දුක්වේ.