උත්පත්ති 39:16 - Sinhala Revised Old Version ඔහුගේ ස්වාමියා ගෙදර එනතුරු ඈ ඔහුගේ සළුව තමා ළඟ තබාගත්තාය. Sinhala New Revised Version මෙසේ කියා තම ස්වාමි පුරුෂයා එන තුරු, ඈ ඔහුගේ වස්ත්‍රය තමා ළඟ තබාගත්තා ය. Sinhala New Revised Version 2018 මෙසේ කියා තම ස්වාමි පුරුෂයා එන තුරු, ඈ ඔහුගේ වස්ත්‍රය තමා ළඟ තබාගත්තා ය. |
මේ වචන ප්‍රකාරයටම ඈ ඔහුට කථාකරමින්: නුඹ අප වෙතට ගෙනාවාවූ හෙබ්‍රෙව් වැඩකාරයා මට නින්දාකරන්ට මා ළඟට ආයේය.
මක්නිසාද මාගේ සෙනඟ අඥානය, ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවෝය, ඔවුන්ට කිසි තේරුමක් නැත. ඔව්හු නපුර කිරීමට ප්‍රඥාවන්තය, නුමුත් යහපත කරන්ට නොදනිති.
මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.