එවිට ඔහු යූදා වෙතට හැරී ගොස්: ඈ මට සම්බවුණේ නැත; ඒ ස්ථානයේ මනුෂ්‍යයොත් මෙහි වේශ්‍යාවක් සිටියේ නැත කියා කීවෝයයි කීය.
උත්පත්ති 38:23 - Sinhala Revised Old Version එවිට යූදා: අපට නින්දා නොපැමිණෙන පිණිස ඈ ඒක ගත්තාවේ. මම මේ එළුපැටවා යැවීමි, එහෙත් නුඹට ඈ සම්බවුණේ නැතැයි කීවේය. Sinhala New Revised Version එවිට ජුදා කතා කොට, “ඈ ගත් දේ ඈ ම තබාගත්තාවේ; නැත්නම් මිනිසුන් අපට සිනාසෙන්නට පුළුවනි. ඔබට ඈ සම්බ නුවූ නමුත්, බලන්න, මම මේ බැටළු පැටියා ඈ වෙත යැවීමි”යි කී ය. Sinhala New Revised Version 2018 එවිට ජුදා කතා කොට, “ඈ ගත් දේ ඈ ම තබාගත්තාවේ; නැත්නම් මිනිසුන් අපට සිනාසෙන්නට පුළුවනි. ඔබට ඈ සම්බ නුවූ නමුත්, බලන්න, මම මේ බැටළු පැටියා ඈ වෙත යැවීමි”යි කී ය. |
එවිට ඔහු යූදා වෙතට හැරී ගොස්: ඈ මට සම්බවුණේ නැත; ඒ ස්ථානයේ මනුෂ්‍යයොත් මෙහි වේශ්‍යාවක් සිටියේ නැත කියා කීවෝයයි කීය.
තුන් මසක් පමණ ඉකුත්වූ පසු: නුඹේ ලේලිවූ තාමාර් වේශ්‍යාකම්කළාය; තවද ඈ වේශ්‍යාකමෙන් ගර්භිණීව සිටින්නීයයි යූදාට දන්වනලද්දේය. එවිට යූදා: ඈ පිටතට ගෙනැවිත් පුළුස්සාදමන්නැයි කීවේය.
නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කිරීමෙන් උන්වහන්සේගේ වචනය සුළුකොට සිතුවේ මක්නිසාද? නුඹ හිත්තීය උරියා කඩුවෙන් නසා ඔහුගේ භාර්යාව නුඹට භාර්යාව කොට ගත්තෙහිය, නුඹ වනාහි අම්මොන් පුත්‍රයන්ගේ කඩුවෙන් ඔහු මැරෙවුවෙහිය.
ඉඳින් නුඹලා දැන් යම් දෙයකට ලජ්ජාව සිටිවුද, එකල්හි ඒ දෙයින් කුමන ඵලයක් ලැබුවහුද? මක්නිසාද ඒ දේවල කෙළවර නම් මරණයය.
ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශකිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.
නග්නව ඇවිද තමාගේ ලජ්ජාව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස අවදිව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂාකරගන්නා ආශීර්වාදලද්දෙක්ය.)