ඉක්මන්කරන්න, ගැළවෙන්ට එතැනට දුවන්න; මක්නිසාද නුඹ එතැනට පැමිණෙනතුරු කිසිවක් කළ නොහැක්කෙමියි ඔහුට කීසේක. එබැවින් ඒ නුවරට ශොවර් යන නම කියනලදී.
උත්පත්ති 32:25 - Sinhala Revised Old Version ඒ තැනන්වහන්සේ ඔහුගෙන් ජය නොලැබෙන බව දුටු විට ඔහුගේ කළවා සන්ධියට ගැසූසේක; යාකොබ්ගේ කළවා සන්ධියද උන්වහන්සේ සමඟ පොරබදද්දී ඇදීගියේය. Sinhala New Revised Version ඒ තැනැත්තා ද ජාකොබ්ගෙන් තමාට ජය නොලැබෙන බව දුටු විට, ඔහුගේ කලවා සන්ධියට පහරක් ගැසී ය. එවිට ඔහුගේ කලවා සන්ධිය විසන්ධි විය. Sinhala New Revised Version 2018 ඒ තැනැත්තා ද ජාකොබ්ගෙන් තමාට ජය නොලැබෙන බව දුටු විට, ඔහුගේ කලවා සන්ධියට පහරක් ගැසී ය. එවිට ඔහුගේ කලවා සන්ධිය විසන්ධි විය. |
ඉක්මන්කරන්න, ගැළවෙන්ට එතැනට දුවන්න; මක්නිසාද නුඹ එතැනට පැමිණෙනතුරු කිසිවක් කළ නොහැක්කෙමියි ඔහුට කීසේක. එබැවින් ඒ නුවරට ශොවර් යන නම කියනලදී.
උන්වහන්සේ කථාකොට: පහන්වෙන බැවින් මා යන්ට හරින්නැයි කීසේක. ඔහුද: ඔබ මට ආශීර්වාදකළොත් මිස නැත්නම් යන්ට නොහරිමියි කීය.
උන්වහන්සේ යාකොබ්ගේ කළවා සන්ධියේ නහරයට ගැසූ බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයෝ අද දක්වා කළවා සන්ධිය පිට තිබෙන නහරය නොකති.
පණුවෙක් වැනිවූ යාකොබ් නුඹද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි නුඹලාද භය නොවෙන්න; මම නුඹට පිහිටවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.
ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද ඔහුගේ මැවුම්කාරයාද වූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මතු පැමිණෙන දේ ගැන මාගෙන් අසන්න; මාගේ පුත්‍රයන් ගැනද මාගේ අතේ ක්‍රියාවල් ගැනද මට අණකරන්න.
නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය බෙලහීනයයි කීසේක.